Print this page

මේ තරම් සහන දුන්න අය-වැයක් දැක්කේ නැහැ

ඔක්තෝබර් 31, 2014

වසර 29ක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළත් අයවැය කතා අනන්තවත් දැක්කත් සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි මේ තරම් සහන දුන්න අයවැයක් නොදුටු බව සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂමන් සෙනෙවිරත්න මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවී තිබෙන විපතෙන් පීඩාවට පත් වූ ජනතාවට කණගාටුව පළ කරනවා. එදා අයවැය කතාව අවසන් වෙලා අපි එළියට එද්දි විපක්ෂයේ ඉදිරිපෙළේ මන්ත්‍රීවරයෙක්, මේ රජය වසර පහක් මුදල් ඉතුරු කරලා මේ සැරේ එළියට දැම්මා කිව්වා. 2001 සහ 2003 කාලය තුළ දී අපි ඉඩම් විකුණපු, ත්‍රස්තවාදය වපුරපු හැටි හොඳට දැක්කා. විදේශිකයන්ට ඉඩම් විකුණන එක සම්මත කළේ එජාපයයි. මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා ලෙස බලයට පැමිණි පසු  එය අහෝසි කළා. එදා එජාප මන්ත්‍රීවරයකු ලෙස  අපිට ගම දියුණු කරන්න රුපියල් ලක්ෂ 35යි දුන්නේ. අද අපි එක්කෙනකුට ගමේ සංවර්ධනය රුපියල් ලක්ෂ 4,000ක් ලැබෙනවා. පාඩු ලබපු සීනි කර්මාන්ත ශාලා අද  ලාබ ලබනවා. ලාබයෙන් 20%ක් ගොවීන්ටත් ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC