Print this page

ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තියෙනවා

ඔක්තෝබර් 31, 2014

යුද්ධය පැවති රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සමාජීය වශයෙන් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත් කරගෙන තිබෙන බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.

එහි ප්‍රතිඵලක් ලෙස ආර්ථික වර්ධන වේගය 7% ඉක්මවා තිබෙනවා. විරැකියාව අඩු වී තිබෙනවා. මේ සියල්ලම ලබා ගත හැකි වූයේ වත්මන් රජයේ කළමනාකාරීත්වය නිසායි. අද සමහරු දෙමළ ඩයස්පෝරාව සමඟ එකතු වී මේ රට දෙකඩ කරන්න  උත්සාහ කරනවා . ඒ සඳහා කුමන්ත්‍රණය කරන අයුරුත් අපට දැක ගත හැකි වෙලා තිබෙනවා. මේ තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC