Print this page

තාක්ෂණය සඳහාත් මේ අය-වැයෙන් වැඩි අවධානයක්

ඔක්තෝබර් 29, 2014

යුද්ධය අවසන් කළාට පසු ව ජනාධිපතිතුමා උත්සාහ කළේ ජන ජීවිත නගාසිටුවීමට බවත් ඉතිහාසය පුරා අවධානය යොමු නොවූ තාක්ෂණය සඳහාත් මේ අය-වැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

ජෛව විවිධත්වය, මුදල් කළමනාකරණය, කෘෂිකර්මාන්තය, සේවා අංශය ඇතුළු සියලු ම අංශ කෙරෙහි මේ අයවැයෙන් අවධානය යොමු වී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අවුරුදු 26ක් මා  මේ සභාව නියෝජනය කරනවා. මේ වසර 26ට ම සියලු ම ජනතාව නියෝජනය කරමින් සහන ලබා දුන් එකම අය-වැය මෙය බව මා ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

NDH/HC