Print this page

මෙවර අයවැය ගැන විපක්ෂය බය වෙලා

ඔක්තෝබර් 25, 2014
මෙවර අයවැය මඟින් ජනතාවට සම්පූර්ණ සහන ලබා දීමට කටයුතු කර තිබෙන නිසා විපක්ෂ බය වී ඇති බවත් කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහලු අය දක්වා මේ අයවැය ආවරණය වී ඇති බවත් ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය  අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පවසයි.
 
විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමුවැනි වෙන් කළ දිනයේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ය. විවාදයට එක්වෙමින් ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.
 
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙන කොට ගෑස්, විදුලි බිල, ජල බිල අඩු කළා. අද ඉන්ධන ගැන කතා කළ රවී කරුණානායක මහත්තයා සංස්ථාවට අයත් තෙල් ටැංකි 102 අයි.ඕ.සී එකට විකිණුවා. එහෙම කළ අය අද තෙල් මිල ගැන කතා කිරීම විහිළුවක් බව ද ඔහු කීවේය.  

 
NDH/HC