Print this page

ලංකා ඉතිහාසයේ කිසි ම රැකියාවක් නොදුන්න කාලය වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දැරූ කාලයයි

ඔක්තෝබර් 25, 2014

ලංකා ඉතිහාසයේ අඩු ම කාලයක් අගමැති වෙච්ච කිසි ම රැකියාවක් නොදුන්න කාලය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දැරූ කාලය යැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

එදා ඡන්දයේ දී මේ රටේ ජනතාව තමුන්නාන්සේලාට අමතක නොවන පණිවිඩයක් දුන්නා. ඒ නිසා ඒ ගැන වාද කළ යුතු නැතැයි අමුණුගම මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදයේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් අමුණුගම මහතා පැවසුවේ රජයේ සේවකයින්ට මෙතෙක් ලැබුණු සියලු දීමනා මූලික පඩියට එකතුවන බවයි. ජීවන වියදම් දීමනාව විචල්‍යය දීමනාවකි. ජීවන වියදම වරින්වර වෙනස් වේ. එම දීමනාව මූලික වැටුපට එකතු නොවන අතර එය රුපියල් 2200කින් ඉහළ දමා තිබේ. අය-වැයට පෙර වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන විට මේ ගැන ඔවුන් පෙන්වා දුන්නා. දීමනා මූලික වැටුපට එකතු කිරීමෙන් එය විශ්‍රාම වැටුපට, ණයක් ගන්නා විට මෙන් ම අතිකාල සහ අර්ථසාධක අරමුදලේ දායක මුදල වැඩිවීමට ද බලපාන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

HC