Print this page

ලංකාවේ අය-වැය ලේඛනවල ඓතිහාසිකම අය-වැය කතාව

ඔක්තෝබර් 24, 2014

ලංකාවේ අය-වැය ලේඛනවල ඓතිහාසික ම අය-වැය කතාව මෙම අය-වැය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසීය.


පැය 3ක් පුරා අය-වැය කතාව පවත්වලා එමඟින් ජාතියට අලුත් විශ්වාසයක් සමඟ ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව උදා කර දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.


හැම ක්ෂේත්‍රයක්ම කළ ඉල්ලීම් සලකා බලා ඒ අනුව හැම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි ලබා දුන් අය-වැයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

SDF/HC/NDH