Print this page

ගෘහස්ත මුල් ජල ඒකක 25ට අය කරන ගාස්තුව 10%කින් පහළට

ඔක්තෝබර් 24, 2014
නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන ගාස්තුව 10%කින් අඩු කිරීමට ජනපති මහින්ද රාජපපක්ෂ යෝජනා කරයි.


2015 අයවැය කතාව අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජල සම්පාදන ක්‍රම නියාමනය හා සංවර්ධනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් පිහිට වූ ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුවට, විශේෂයෙන් වකුගඩු රෝග හා ජලාශ්‍රිත රෝගවලට ගොදුරු වූ ප්‍ර දේශවලට මුල්තැන දෙමින් නව යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමටත් රුපියල් මිලිය 750ක් වෙන් කිරීමට ද ජනාධිපතිතුමා අයවැය මඟින් යෝජනා කළේය.

NDH/HC/HDF