Print this page

මෙවර අය-වැයෙන් සහන රැසක්

ඔක්තෝබර් 24, 2014

විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් මේ රටේ සියලු ජන කොටස් මෙන් ම සියලු අංශ නියෝජනය වන පරිදි සහන රැසක් මෙවර අය-වැයෙන් ලබා දී ඇතැයි අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව තම අදහස් මාධ්‍ය වෙත දක්වමින් සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.


අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සියලු අංශ සඳහා ඉදිරි වර්ෂය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇතැයි ද පෙන්වා දෙයි.

බෝ නොවන රෝග වැනි අංශ හා මේ රටේ වැඩිහිටියන් අවධානය ලක් කර ඇති මෙවර අය-වැය සියලු අංශ කෙරෙහි ජනාධිපතිතුමා අවධානය යොමු කිරීමෙන් ජනතාවට වඩාත් සමීප කරවීමට හැකි වී ඇතැයි ද පෙන්වා දෙයි.

ආර්ථිකමය වශයෙන් රටේ සිදු කරන සංවර්ධනය තව තවත් ඉදිරියට ගෙන යා හැකි ඒ ඒ අංශ සඳහා එක ලෙස මුදල් වෙන් කිරීමට මෙවර අය-වැයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි වී ඇත්තේ රටට සාමය උදාකර දීමෙන් අනතුරු ව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC/SDF