Print this page

2015 වසරට අදාළ අය-වැය ලේඛනය අද ජනපති ඉදිරිපත් කරයි

ඔක්තෝබර් 24, 2014

2015 වසරට අදාළ අය-වැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ඒ අනුව අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (25) ආරම්භ වේ. එය නොවැම්බර් 01 දින දක්වා පැවැත්වෙන අතර දෙවැනි වර ඡන්ද විමසීම එදින පස්වරු 5.00ට පැවැත්වෙනු ඇත.

අය-වැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 03 දින ආරම්භ කරනු ඇත. අය-වැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

NDH/HC