අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    පසුගිය ජනවාරි 06 වන දින සිට මාස 03 කාල සීමාවකට ප්‍රතිසංවර්ධන (ආස්තරණ) කටයුතු සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා දිවා කාලයේ පැය 08ක් වසා දැමු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ ආස්තරණ කටයුතු නිම කොට සුපුරුදු පරිදි ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම ඊයේ (06) දහවල් 12.37 ට සිදු කෙරිණ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව-ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

    ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 පෙබරවාරි මාසයේ වාර්ෂික උද්ධමනය 8.2%ක් ලෙස ගණනය කර ඇති ‍බව ප්‍රකාශ ක‍ළේය. 2017 ජනවාරි මාසයේ උද්ධමනය 6.5%ක් විය.

    කොටි ත‍්‍රස්තවාදීන් විසින් තම සැමියා ඝාතනය කිරීමත් සමඟ ස්වකීය තාරුණ්‍ය ද අනාගතය ද අහිමි වූ දහසක් වැන්දඹු කාන්තාවෝ අද උතුරු නැගෙනහිර වෙසෙති.

    මෑත කාලයේ විල්පත්තුව තරම් කතාවට ලක්වූ වනාන්තරයක් නැති තරම්. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය ද විල්පත්තුවේ මහා වන විනාශයක් වන්නේ යැයි රටට ලෝකයට හඬ ගා කියන්නට වූහ.

    ගමන් බිමන් යාම අද අපට බරපතල ප්‍රශ්නයක් වෙලා. වෙලාවට ගමනක් යන්න බෑ තදබදය වැඩියි. බස් රථ කොට කොට යනවා ඊට පස්සේ රේස් යනවා. ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ. මාර්ග අනතුරුවලින් මැරෙන, තුවාල වෙන මිනිසුන් ගණන වැඩියි. මේ නිසා හැකි හැමෝම කුඩා මෝටර් රථයක්වත් ගන්න බලනවා. මාසයේ මුළු ආදායමෙන් සැලකිය යුතු මුදලක් තමන්ගේ වාහනය නඩත්තු කිරීමට, ත්‍රීවිල්වලට, පාසල් හා කාර්යාල වෑන් රථවලට වැය කිරීමට අපට සිදු වෙලා. අවුරුද්දකට ලක්ෂ 06ක විතර වාහන අලුතෙන් ලංකාවට එනවා. කෙතරම් වියදම් කරලා පාරවල් පළල් කළත් වැඩියෙන් පුද්ගලික වාහන මාර්ගයට පැමිණෙන නිසා පාරවල්වල තදබදයේ අඩුවක් නම් නැහැ.
    ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (09) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේ දී සිදු විණි. 
    සීඝ්‍රයෙන් වැඩිවන ලෝක ජනගහනයට අනුව ආහාර අවශ්‍යතාව දිනෙන් දින ඉහල යමින් පවතී. එමෙන්ම ලෝක ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකා වෘත්තිය වී ඇත්තේ  කෘෂිකර්මයයි. මේ අනුව  බෝග අස්වනු ඉහල දැමීම පිළිබඳ අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම බලපාන වැදගත් කරුණක් මෙන්ම බහුතරයකගේ ජීවන තත්ත්වය හා ආදායම ඉහළ දැමීමට බලපාන කරුණක් ද වේ.
    දැනුම බෙදාහැරීම, තීව්‍ර ලෙස හැඟීම් ප්‍රකාශයට පත් කිරීම, ප්‍රජාව දැනුවත් කිරීම වැනි සුවිශේෂ කාර්යයන් සඳහා වාර්තා චිත්‍රපට පොදුවේ භාවිත වේ. මෙම මාධ්‍යය අද වනවිට විවිධ කලාත්මක හා භාවාත්මක ප්‍රකාශන ඉදිරිපත් කිරීමට ද හැකි මාධ්‍යයක් ලෙස නිර්මාණය වී තිබෙන ආකාරය දැකිය හැකිය. ලංකාවේ වාර්තා චිත්‍රපට ඉතිහාසය කලාත්මක චිත්‍රපට ඉතිහාසයට වඩා දශක කිහිපයකට වැඩි ඈතකට දිව යයි. එසේ වුවද, වාර්තා චිත්‍රපටය සංවිධිතව ඇගයීම සඳහා ජාතික මට්ටමේ ප්‍රයත්නයන් කැරුනු අවස්ථා ඉතා අල්ප වේ. ජාත්‍යන්තර සිනමා උළෙලවල්වල අපේ නිර්මාණකරුවන් කිහිප දෙනෙකු විශිෂ්ඨතා ප්‍රදර්ශනය කොට රටට කීර්තියක් ගෙන දී ඇතත්, ඔවුන්ටද එම ක්ෂේත්‍රයේ දිගින් දිගටම රැඳී සිටීමට තරම් හේතු සම්පාදනය වීමක් ලාංකේය චිත්‍රපට අවකාශය තුළ නිර්මාණය නොවිනි.
    ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ  සංගණනය, නොවැම්බර් මස 17දා රට පුරා පැවැත්වේ. 
    වෙසක් සතිය  උදාවත්ම සමස්ත  ලෝකවාසී බෞද්ධයන් බුද්ධාලම්බන  ප්‍රිතියෙන් ප්‍රමුදිත වන්නේ දාන  , සීල, භාවනා වැඩ සටහන් වලට මුල් තැන දී බුදුරදුන්ගේ තෙමගුල සිහි කිරිම උදෙසාය.
    ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනට සමගාමීව  පැවැත්වෙන ගෙවතු වගා ප්‍රවර්ධන ජාතික  උළෙල මේ මස 10 වන දින කෑගල්ල දිඹුල්ගමුව වෙල්යායේදී පැවැත්වේ
    ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සබඳතාවය වසර සිය ගණනක් එපිටට දිවයයි. ශ්‍රි ලංකාවේ මෙන්ම චිනයේද බහුතරය බෞද්ධයෝය.
    තිසා වැවෙන් දිය නෑමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිමය තිරණයක් ගනු ලැබුවේ පසුගිය පොසොන් සමයේයි. ඒ අනුව 2016.05.24 වන දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මෙම තිරණයට එළඹිණි. තිසා වැවෙහි පවතින ඓතිහාසික වැදගත්කමත්,ආගමික පසුබිමත්, වර්තමානයේ එහි පවතින අපවිත්‍රතාවයත් ආදී කරුණු රැසක් හේතුවෙන් ලබාගත් එම තීන්දුව මහා සංඝරත්නයේත් සාමාන්‍ය ජනතාවගේත්, පරිපාලන ප්‍රධානීන්ගේ මෙන්ම දේශපාලනයින්ගේත් දැඩි ප්‍රශංසාවට පාත්‍ර විය.
    තිසා වැවෙන් දිය නෑමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිමය තිරණයක් ගනු ලැබුවේ පසුගිය පොසොන් සමයේයි. ඒ අනුව 2016.05.24 වන දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මෙම තිරණයට එළඹිණි. තිසා වැවෙහි පවතින ඓතිහාසික වැදගත්කමත්,ආගමික පසුබිමත්, වර්තමානයේ එහි පවතින අපවිත්‍රතාවයත් ආදී කරුණු රැසක් හේතුවෙන් ලබාගත් එම තීන්දුව මහා සංඝරත්නයේත් සාමාන්‍ය ජනතාවගේත්, පරිපාලන ප්‍රධානීන්ගේ මෙන්ම දේශපාලනයින්ගේත් දැඩි ප්‍රශංසාවට පාත්‍ර විය.

    “යළි පිබිදෙන යාල”

    සැප්තැම්බර් 05, 2016
    2016 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් රුහුණ යාල ජාතික උද්‍යානයෙන් පමණක් රුපියල් මිලියන 600 ආදායමක් රටට ලැබී තිබෙන බවත් වසරකට සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයින් ලක්ෂ 5 කට ආසන්න සංඛාවක් යාල ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
     
    සහජීවනය, සංහිදියාව, යහ පාලනය ආදි වදන් වර්තමාන සමාජයේ නිතර කතාබහට ලක්වන ඒවාය. ගැටුමෙන් තොරව සාමය සාමදානය රජයන සමාජයක් නිර්මාණය කර ගැනීමට නම් ඉහත කී වචන වලට අදාල ක්‍රියාකාරිත්වය මනාව සිදුවිය යුතුයි. ගැටුමකින් තොර සමාජයක් සොයා ගැනීම අසීරුය. පුද්ගල මනසේ ඇතිවන ගැටුමේ  සිට විවිධ පාර්ශව අතර,කණ්ඩායම් අතර මෙන්ම අන්තර් රාජ්‍ය ගැටුම් ද ඕනෑම කාලයකදී ක්‍රියාත්මක වේ. නමුත් කවුරුන් වුවද දැනගත යුතු ප්‍රධානතම කරුණ නම් සියලු ගැටුම් වලට මුලික පදනම සකසන්නේ මානසික ගැටුම වීමයි. විද්‍යානුකූලව සලකා බලන්නේ නම්,විවිධ සමාජ අසමතුලිතතාවයන් මත මුලින්ම ගැටුම හට ගන්නේ මනස තුලය. එය ගැටුමේ අප්‍රකාශිත අවස්ථාවයි. මානසික ගැටුම චර්යාවකට පෙරලුණු පසුව ගැටුමේ ප්‍රකාශිත අවස්ථාව සටහන් වේ. එහෙයින් ගැටුමට අවශ්‍ය බීජ හටගන්නේ මනසේ වීම නිසා එම බීජ පැළවී වැවෙන්නට ඉඩ නොදී මුලිනුපුටා දමා සාමයේ යහ බීජ වැපිරිය යුත්තේ ද මනස තුලය.

    ගල් අඟුරු මිළදී ගැනීම සම්බන්ධව පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya