අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන  ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනයක් අරලිය ගහ මන්දිරයේදී අප්‍රේල් 29 සිට මැයි 02 දක්වා පැවැත්වේ.

    ඩොලරයේ අගය ඉහළ යෑම නිසා රුපියල අවප්‍රමාණවීමෙන් සිදුවන පාඩුවට මුහුණ දිය හැක්කේ අපේ අපනයන නිෂ්පාදන තව තවත් වර්ධනය කිරීමෙන් යැයි ජාතික සේවක සංගමයේ උප සභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පවසයි.

    ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තුරන් කර 6 වැනි වසරට පා තබා ඇත. මැලේරියාව මෙරටින් තුරන් කලද මැලේරියා  රෝගින් තවමත් වාර්තා  වීම , මැලේරියා වාහක මදුරුවන් තවමත් මෙරට සිටීම සහ මැලේරියාව බෝ කරන නව මදුරු විශේෂ මෑතකදී ඇතැම් ප්‍රදේශ වලින් හමු වීම වැනි කරුණු හේතුවෙන් මැලේරියාව මෙරට තුළ හිස එසවීමේ අවදානමක් පවති. අදට යෙදී තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ඊයේ (24)සංවිධානය කර තිබුණා.

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව අවම කරගෙන ඉදිරි වසර 3 ක කාලය තුළ එය ලාභ ලබන තත්ත්වයට පත්කිරිම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අරමුණ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් සහ උපාය මාර්ගික ආයෝජක‍යෙකු සමග රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් (Public-Private- Partnership) ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගුවන් සමාගම සඳහා නව සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පසුගියදා පත්කරන ලදී.

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි. තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.

    චීනය ගැන මේ කියන කතාව , චීනයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටකටයි. මක් නිසාද යත් චීනය මෙන්ම ශ්‍රීලංකාව ද සංස්කෘය ඉහලින්ම අගය කරන රටකි. සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුල මිනිසුන් තුළ  ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපාන බව චීන අධ්‍යාපනඥයින් නිතර සදහන් කර සිටී.

    නුතන සන්නිවේදන තාක්ෂණයේ සිදු වි ඇති සිඝ්‍ර වර්ධනය හේතුවෙන් ගෝලිය ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් පවතින අතර ,එය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික,දේශපාලන, සාමාජීය යන අංශ වල ගමන් මඟ වඩාත් කාර්යක්ෂම සේම ඵලදායිවීමට හේතු වී ඇත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකම තෙවරක් සිය නිත්‍ය සැසිවාර පවත්වයි. ඒ පෙබරවාරි-මාර්තු, ජූනි, සහ සැප්තැම්බර් යන මාසවලය. දැනට පැවැත්වෙන කවුන්සිලයේ 37 වැනි සැසිවාරය 2018 පෙබරවාරි 26 වැනි දින ආරම්භ වූ අතර මාර්තු 23 වැනි දින අවසන් වේ

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

     

    dr 2පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති.

    මූලික පියවරක් ලෙස, වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද දින මධ්‍යම රාත්‍රියේ  සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

    අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන අරමුණ වනුයේ දශක ගණනාවක් පුරා බහුවිධ ගැටුම් තත්ත්වයන් හේතු කොට ගෙන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින මහත් වේදනාවන්ට සහනයක් සැලැස්වීම බවත් විපතට පත් සියලු ජනකොටස්වලට ජනවර්ගය,ආගම හෝ කලාපීය වශයෙන් කිසිදු භේදයකින් තොරව සේවය ලබදීමට බැඳී සිටින බවද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ග්ලෝකෝමාව යනු කුමක් දැයි බොහෝ අය අසා තිබුණ ද එ් පිළිබඳව කොතරම් දැනුම්වත් දැයි පැණයට හරියාකාරව පිළිතුරක් නොමැත.ලෝකයේ අන්ධ භාවයට පත් වුවන්ගෙන් බහුතරය ඇසේ සුඳ හේතුවෙන් අන්ධ වන අතර එය ශල්‍යකර්මයකින් ඉවත් කිරිමෙන් නැවත පෙනුම ලබා ගත හැකි වේ.

    රටේ සාමයට බාධා කෙරෙන,අසමඟිය ඇති කරන කිසිවක් සිදු නොකරන ලෙසත් රටේ ජාතික උන්නතිය සඳහා,ජාතික සමඟිය සඳහා ගත් නීති රීති පිළිබඳව දැනුවත් වන ලෙසත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ බල පවත්නා වූ නීතින්ට එරෙහිව යන පරිදි ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හෝ වෛරී සහගත ප්‍රකාශනයන්ට පෙළඹවීම ඇතිකරන ක්‍රියාවන්හි නිරත නොවීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ද විශේෂයෙන් ජනමාධ්‍ය ආයතන ද සැලකිලිමත් විය යුතු අතර ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ පෙළඹවීම් හෝ වෛරී සහගත භාවිතයන් සහිත ප්‍රකාශයන් පළ නොකිරීමට සහ ප්‍රසිද්ධ නොකිරීමට ද සියල්ලන්ව කටයුතු කළ යුතුය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) පසුගිය දා යාපනය, මුහුමලේ බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ නව උපකරණ සහ බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් (MDDs) මිලදීගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya