අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    dg Dr darshaniදූෂණය පිටු දැකීම හා නීතියේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම මගින් රටේ යහපාලනයට අවශ්‍ය මංපෙත් විවර වී තිබෙන බවත් බලයට පත්ව,තවත් බලතල වැඩි කරගන්නා මානසිකත්වයෙන් යුත් පුද්ගල සමූහයක් සිටින රටක, එම ප්‍රතිපත්තියෙන් මිදී උඩුගං බලා ගිය නායකයෙකු සිටින වාතාවරණයක් භුක්ති විඳීමට ඉඩප්‍රස්තාව සැලසී තිබෙන බවත් විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙතින්ම පැමිණීම ඊට කදිම නිදසුනක් බවත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

    6735445

    ජේසු බිළිඳුන්ගේ උපත සමරන නත්තල් සමය උදාවීමත් සමඟ ලෝ පුරා රටවල් විවිධ සැරසිලි නිර්මාණවලින් හා විදුලි ආලෝකයෙන් අසිරිමත්ව බබළයි. විශේෂයෙන්ම නත්තලේ අසිරිය කියා පාමින් අලංකාර නත්තල් ගස් නිර්මාණය කිරීමට බොහෝ රටවල් උත්සුක වෙයි.

    බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සහ ඇල්බට් කුමරු ඔවුන්ගේ වින්ඩ්සර් කාසල් හි ගතකරන නිවාඩුව සැමරීමේ කොටසක් ලෙස ගසක් අලංකාර කිරීමට ආරම්භ කිරීමත් සමඟ 1848 දී නත්තල් ගස ජනයා අතර අපූර්ව නත්තල් සැරසිල්ලක් ලෙස ජනප්‍රිය විය.

    එතැන් සිට ‘නත්තල් ගස‘ ශීත ඍතුවේ සීතල රාත්‍රී කාලයේදී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඩ හඩක් සහ දීප්තිමත් මතකයන් පෙන්වන සලකුණක් ලෙස, ලොව පුරා නිවෙස් හා නගරවල නත්තලේ පොදු ලාංඡනයක් බවට පත්විය.

    එක් එක් කාලවල දී එක් එක් ක්ෂේත්‍රවල ගැටළු පුද්ගලයානුබද්ධව හෝ සමාජානුබද්ධව සමාජය තුළින්ම විවිධ කතිකාවත් නිර්මාණය වේ. කලක දී එය අධ්‍යාපනයට සම්බන්ධ වනවිට තවත් කලක දී එය කාන්තාව හෝ ළමයින් මුල් කරගෙන විය හැක. තවත් කලක දී එය පැතිර යන වසංගතයක් හෝ රෝගයක් ද විය හැක. එසේම අනාදියේ හෝ ආරම්භ වූ දින පටන්ම ටිකෙන් ටික වර්ධනය වන ගැටළුක් විය හැකි යම් දෙයක් වරින්වර සමාජය තුළ විවිධ කතිකාවත් නිර්මාණය කිරීමට පුළුවන.

     

    මෙය ද එවැන්නකි. මාරාන්තික වුව ද සමාජයෙන් වසන් වීමට වෙර දරන සමාජය තුළ පිළිලයක් මෙන් කාටත් හොරාම වර්ධනය වන එය ඒඩ්ස් (AIDS) නොහොත් එච්.අයි.වී. (HIV)ආසාදනය යි.

    ලක්ෂ හතරකට අඩු ජනගහනයක් සහිත මෝල්ටාවේ ජනතාවද, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට පැමිණ සිටින නියෝජිතයෝ ද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 53 ක මාධ්‍යකරුවෝද මේ වන විට තව දින දෙකකින් ආරම්භ වන මෙම සමඑව සදහා විශිෂ්ට වැදගත්කමකින් යුත් දෙදෙනෙකුගේ පැමිණීම මහත් උද්යෝගයෙන් බලාපොරොත්තුවෙන් සිටිති.

    මිශ්‍ර අධිකරණය සම්බන්ධයෙන් ඇති සමාජ මතය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් මෙය සකස් කර ඇත.

    ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීමට සමගාමීව ආසියානු ටෙනිස් සංගමයේ වාර්ෂික මහා සමුළුවට සත්කාරක දායකත්වය ලබාදීමට එම සංගමය මේ වනවිට කටයුතු යොදා තිබේ.

    අඳුරට සාප කරමින් සිටීමට වඩා එක් පහනක් හෝ දැල්විමට උත්සාහ කිරීම වැදගත් යැයි ද අතීත වැරදි ගැන එකිනෙකාට චෝදනා කරමින් සිටිනවාට වඩා වැදගත් වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් අනාගතය යහපත් ලෙස ගොඩ නංවා ගැනීමේ මාර්ගයක් සකස් කර ගැනීම බවත් මේ සිදු කරන්නේ ඒ කටයුත්ත බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

    ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ප්‍රතිචාර දැක්වීම අවශ්‍යව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියි.

    700,000කට වඩා වැඩි කාන්තාවන් හා ගැහැණු ළමුන් ලොව පුරා බන්ධනාගාරවල සිරකරුවන් ලෙස සිටින බව අධ්‍යයන වාර්තාවක් පවසයි.

    සාමකාමී මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරුණු සියලු දෙනා පිළි ගන්නා බව ප්‍රකාශ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතතුමා සිය රාජාසන කතාව ආරම්භ කළේය.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා (28) කොළඹ නගරය තුළ පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම අමතා කළ කතාව පහත පරිදි වේ.

    ශ්‍රී ලංකාව ඇත්ත වශයෙන්ම ආශ්චර්යමත් රටක් යැයි හිටපු ඇමරිකා එක්සත් ජනපද ලේකම් ටෝනි බ්ලෙයාර් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා අනුස්මරණය කරමින් පසුගියදා පැවති උත්සවයේ මුඛ්‍ය දේශනය ඉදිරිපත් කරමිනි.

     

    ටෝනි බ්ලෙයාර් මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව :

    ඇතැම් අවස්ථාවන්හිදී ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා යුදමය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇතැමුන් විසින් චෝදනා කරන ලද නමුත් මෙය සත්‍යයක් නොව අප රටේ පැවති අවාසනාවන්ත තත්වය සඳහා යුදමය විසඳුමක් ඇතැයි ඔහු කිසිදාක නොසිතූ බවත් ඔහු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටි බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ඔබ දුම් පානය කරයි නම්, එය නතර කිරීමට පවසමින් ඔබේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් කොතෙකුත් බලපෑම් සිදු කරනවා ඇත. ඔබ දුම් පානය කරනුයේ දුම් පානය නිසා හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD), සහ වෙනත් ශාරිරීක අඩපණතාවන් ඇතුළු රෝග ඇති වීමේ ඉඩකඩ වැඩි බව හොඳ අවබෝධයකිනි.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ආර්ථික සංගණනය 2013/14 යන වර්ෂ වල දී සිදු කරන ලද අතර එහි දීආයතන ලැයිස්තු ගත කිරීම සහ එම ආයතන වලින් විස්තරාත්මක දත්ත එක්රැස් කිරීම වශයෙන්අදියර දෙකක් යටතේ කර්මාන්ත, වෙළඳ හා සේවා යන අංශයන්ට අදාළ දත්ත එක්රැස් කිරීම සිදු කරන ලදි.

    තොරතුරු සහ පුරවැසියා අතර පවතින බැඳියාව මානව සම්භවය දක්වාම පැතිරී පවතී.තොරතුරුවලින් තොර මානව පැවැත්මක් නොමැති අතර තොරතුරු විටෙක ගලා යාමද මානව පැවැත්ම දෙදරායාමට හේතු වූ අවස්ථා නැතුවා නොවේ. එසේ නම් තොරතුරු දැනගැනීම සහ තොරතුරු ලබා දීම යන ද්වි විධික මුල ධර්මය වඩාත් විනිවිද විය යුතු අතර සැබෑ තොරතුරු රටක යහපැවැත්මට දක්වන දායකත්වය වඩාත් ස්ථිර කරයි.

    කාබන්ඩයොක්සයිඩ් පිටකිරීමේ (CO2 විමෝචනය) මට්ටම සැලකිය යුතු මට්ටමකින් අඩු නොකළහොත් මුහුදු ජීවය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වනු ඇති බවට විද්‍යාඥයයෝ අනතුරු අඟවති.

    චීන විද්‍යාඥයන් පිරිසක් භූමි කම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට සතුන් යොදා ගැනීමට සූදානම් වන වාර්තා වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya