අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    ශ්‍රී ලංකාවාසී ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවීමේ පරමාර්ථය පෙරදැරිව පවත්වනු ලබන ජාතික පෝෂණ මාසය ජූනි මාසය තුළ ක්‍රියාත්මක කෙරේ.

    පාසල් යන දරුවන් අතර අධිපෝෂණ තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ළමුන් සෑම දිනකම පැයක ක්‍රියාශ්‍රීලී ක්‍රීඩාවක නියුතු විය යුතු බවත් එමඟින් වර්ධනය නිසිලෙස පවත්වාගත හැකි බවත් පෝෂණය පිළිබඳ විශේෂඥ හා ප්‍රජා වෛද්‍ය විශේෂඥ රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.

    අදට යෙදෙන ලෝක ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජතික අධිකාරිය විසින් සකස් කළ මෙම සටහන පළ කෙරේ.

    ලෝක වෙළඳපොළ තුළ තිබෙන සියලු භාණ්ඩ අතර විශාල ලෙස පාරිභෝගිකයන්ට හානිකරන භාණ්ඩය වන්නේ දුම්වැටිය වන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පවසයි.

    පවතින කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කෙරේ.

    උපාය මාර්ගිකව අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් සැලසුම්කර තිබේ. අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස එය නම්කර ඇත. 
    විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග සහ ඊට විසඳුම් පිළිබඳව 2016.03.23 වන දින විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය

    තෙත් බිමේ කතාව...

    පෙබරවාරි 02, 2016

    ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන පාරිසරික විවිධත්වය තුළ තෙත් බ්ම් වලට හිමි වනුයේ මුලික ස්ථානයකි. සෑම රටකම සමතුලිත පාරිසරික තත්වයක් රැකදීමෙහි ලා මෙමගින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාම සෑම වසරකම පෙබරවාරි 02 වන දින ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර තිබේ.

    අප දෛනිකව ආහාරයට ගන්නා එළවළු, පළතුරු, ධාන්‍ය ආදී බොහෝ ආහාර අතරින් දියවැඩියා රෝගය සඳහා ඉතාමත් හොදින් ප්‍රතිචාර දක්වන, එම රෝගීන්ට වඩාත් පෝෂ්‍යදායී ආහාර වර්ග 20ක් නවීන පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙන බව Your Health News වෙබ් අඩවිය සඳහන් කරයි. එම ආහාරවල දියවැඩියා රෝගය සඳහා අවශ්‍ය වන පෝෂණ පදාර්ථ අඩංගුවන ප්‍රමාණය ‍අනුව මෙසේ දැක්වේ.

    'මුහුදු මං‍කොල්ල කරුවන්' යයි ඇසුනු විට මෑතක දී නිර්මාණ‍ය වූ හා‍‍ස්‍යෝත්පාදක චිත්‍රපට මාලාවක් නිතැතින්ම සිහිපත් ‍වේ. නමුත් මීට සියවස් කිහිපයකට ‍පෙර ජනතාව භීති‍යෙන් ඇළලී යයි. වි‍ශේෂ‍යෙන් නාවිකයින් භීති‍යෙන් භීතියට පත්‍කිරීමට මුහුදු මං‍කොල්ල කරුවන් සමත් විය. ඒ ඔවුන්‍‍ විසින් භාණ්ඩ හා මගී ප්‍රවාහන ‍නෞකාවලට පහර දී ඒවා‍යේ ඇති වටිනා භාණ්ඩ හා මුදල් මං‍කොල්ල කෑම හා ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා‍වෙනි.

    dg Dr darshaniදූෂණය පිටු දැකීම හා නීතියේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම මගින් රටේ යහපාලනයට අවශ්‍ය මංපෙත් විවර වී තිබෙන බවත් බලයට පත්ව,තවත් බලතල වැඩි කරගන්නා මානසිකත්වයෙන් යුත් පුද්ගල සමූහයක් සිටින රටක, එම ප්‍රතිපත්තියෙන් මිදී උඩුගං බලා ගිය නායකයෙකු සිටින වාතාවරණයක් භුක්ති විඳීමට ඉඩප්‍රස්තාව සැලසී තිබෙන බවත් විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙතින්ම පැමිණීම ඊට කදිම නිදසුනක් බවත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

    6735445

    ජේසු බිළිඳුන්ගේ උපත සමරන නත්තල් සමය උදාවීමත් සමඟ ලෝ පුරා රටවල් විවිධ සැරසිලි නිර්මාණවලින් හා විදුලි ආලෝකයෙන් අසිරිමත්ව බබළයි. විශේෂයෙන්ම නත්තලේ අසිරිය කියා පාමින් අලංකාර නත්තල් ගස් නිර්මාණය කිරීමට බොහෝ රටවල් උත්සුක වෙයි.

    බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සහ ඇල්බට් කුමරු ඔවුන්ගේ වින්ඩ්සර් කාසල් හි ගතකරන නිවාඩුව සැමරීමේ කොටසක් ලෙස ගසක් අලංකාර කිරීමට ආරම්භ කිරීමත් සමඟ 1848 දී නත්තල් ගස ජනයා අතර අපූර්ව නත්තල් සැරසිල්ලක් ලෙස ජනප්‍රිය විය.

    එතැන් සිට ‘නත්තල් ගස‘ ශීත ඍතුවේ සීතල රාත්‍රී කාලයේදී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඩ හඩක් සහ දීප්තිමත් මතකයන් පෙන්වන සලකුණක් ලෙස, ලොව පුරා නිවෙස් හා නගරවල නත්තලේ පොදු ලාංඡනයක් බවට පත්විය.

    එක් එක් කාලවල දී එක් එක් ක්ෂේත්‍රවල ගැටළු පුද්ගලයානුබද්ධව හෝ සමාජානුබද්ධව සමාජය තුළින්ම විවිධ කතිකාවත් නිර්මාණය වේ. කලක දී එය අධ්‍යාපනයට සම්බන්ධ වනවිට තවත් කලක දී එය කාන්තාව හෝ ළමයින් මුල් කරගෙන විය හැක. තවත් කලක දී එය පැතිර යන වසංගතයක් හෝ රෝගයක් ද විය හැක. එසේම අනාදියේ හෝ ආරම්භ වූ දින පටන්ම ටිකෙන් ටික වර්ධනය වන ගැටළුක් විය හැකි යම් දෙයක් වරින්වර සමාජය තුළ විවිධ කතිකාවත් නිර්මාණය කිරීමට පුළුවන.

     

    මෙය ද එවැන්නකි. මාරාන්තික වුව ද සමාජයෙන් වසන් වීමට වෙර දරන සමාජය තුළ පිළිලයක් මෙන් කාටත් හොරාම වර්ධනය වන එය ඒඩ්ස් (AIDS) නොහොත් එච්.අයි.වී. (HIV)ආසාදනය යි.

    ලක්ෂ හතරකට අඩු ජනගහනයක් සහිත මෝල්ටාවේ ජනතාවද, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට පැමිණ සිටින නියෝජිතයෝ ද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 53 ක මාධ්‍යකරුවෝද මේ වන විට තව දින දෙකකින් ආරම්භ වන මෙම සමඑව සදහා විශිෂ්ට වැදගත්කමකින් යුත් දෙදෙනෙකුගේ පැමිණීම මහත් උද්යෝගයෙන් බලාපොරොත්තුවෙන් සිටිති.

    මිශ්‍ර අධිකරණය සම්බන්ධයෙන් ඇති සමාජ මතය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් මෙය සකස් කර ඇත.

    ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීමට සමගාමීව ආසියානු ටෙනිස් සංගමයේ වාර්ෂික මහා සමුළුවට සත්කාරක දායකත්වය ලබාදීමට එම සංගමය මේ වනවිට කටයුතු යොදා තිබේ.

    අඳුරට සාප කරමින් සිටීමට වඩා එක් පහනක් හෝ දැල්විමට උත්සාහ කිරීම වැදගත් යැයි ද අතීත වැරදි ගැන එකිනෙකාට චෝදනා කරමින් සිටිනවාට වඩා වැදගත් වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් අනාගතය යහපත් ලෙස ගොඩ නංවා ගැනීමේ මාර්ගයක් සකස් කර ගැනීම බවත් මේ සිදු කරන්නේ ඒ කටයුත්ත බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

    ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ප්‍රතිචාර දැක්වීම අවශ්‍යව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya