මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්පතින් තොර හරිත නගරයක්

    නොවැම්බර් 18, 2014
    සංවර්ධනය යනු රටක සෞභාග්‍යය උදා කරවන්නකි. සෞභාග්‍යමත්, සමෘද්ධිමත් සමාජයක් තුළ දිවි ගෙවීමට මෙ ලොව  ඕනෑ ම පුද්ගලයෙකුගේ මානව අවශ්‍යතාවකි. සංවර්ධනය මානව සහ භෞතික යනුවෙන් දෙයාකාර වුවත් මිනිසුන්ගේ ආකල්ප, ගුණධර්ම සහ වටිනාකම් නැංවීම මෙහිලා සැලකෙන අතර මිනිසුන්ගේ ජීවන පරිසරය සුඛිත මුදිත බවට පත් කිරීම භෞතික සංවර්ධනය ලෙස සැලකේ. මෙරට සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇතිකරමින් කොළඹ පැල්පත්වාසීන් එයින්  මුදවාගනිමින් ඔවුන් වෙනුවෙනුම දැන් සුවිසල් මන්දිර ඉදිවෙමින් පවතී.
     
    ඒ යටතේ පැල්පතින් තොර හරිත නගරයක් මහින්ද චින්තන සංකල්පය යටතේ  රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කළ නිවාස 1137කින් සමන්විත කොළඹ හේනේමුල්ල, රන්දිය උයන,  විසල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට සමඟාමීව හෙට (18) ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.
     
    ඉතා කුඩා බිම් ප‍්‍රමාණයක කිසිදු පහසුකමක් නොමැතිව දුකසේ ජීවත් වූ මෙම අසරණ ජනතාවට සියලු ම පහසුකම් සහිත ව අලංකාර නාගරික පරිසරයක් ද සමගින් ලැබෙන මෙම නව නිවසක  වටිනාකම රුපියල් මිලියන 8 ක් පමණ වේ. වර්ග අඩි 450 කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්‍ෂක පහසුකම්වලින් යුක්ත වේ. නවීන විදුලි සෝපාන හා හදිසි අවස්ථාවන් හී දී විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බල ශක්ති පද්ධති ද සවිකර තිබීම විශේෂත්වයකි. ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ලොව නවීන නාගරික සැලසුම් සමගින් ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් ද සංවර්ධනය කර තිබේ. මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමඟාමී ව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක‍්‍රීඩාංගණ, විධිමත් ලෙස මාර්ග පද්ධති පුළුල් කිරීම, ප‍්‍රජා ශාලා වැනි  අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු වීම ජනතාව ලැබූ තවත් විශිෂ්ට ප‍්‍රතිලාභයකි.
     
    Randiya Uyana   -HenemullaColombo 14                    කොළඹ පැල්පත්වාසීන් පැල්පතින් මුදවාලමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උදාර නායකත්වයෙන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක නිවාස 70000 කඩිනම් විසල් ව්‍යාපෘති වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට අමතර ව ඉදි වූ තවත් සුවිශේෂී වූ නිවාස ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත්කිරිමට මේ වන විටත් සූදානම් ව ඇත.
     
    නොවැම්බර් 21 එදිරිසිංහ වත්ත සිරිමුතු උයන  නිවාස 564 ක් ද, දෙසැම්බර් 01 වන දින කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ  නිවාස 216 ක් ද,  දෙසැම්බර් මස 08 වන දින ෆර්ගියුෂන් පාර මුවදොර උයන  නිවාස 872ක් ද ජනපති ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරිමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇත.
     
    2010 ඔක්තෝම්බර් මාසයේ සිට කොළඹ නගරය තුළ වැඩබිම් 26ක ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ලොව නවීණ නගර සැලැසුම් සමගින් විධිමත් යටිතල පහසුකම්වලින් යුත් නිවාස ඒකක 20000 කඩිනමින් මේ වන විටත් ඉදිවෙමින් පවතී. මේ වන විට නිවාස ඒකක 3000ක් පමණ ජනතාව අතට පත්කර ඇති අතර මේ වසර අවසානයේ නිවාස ඒකක 5000ක් ජනසතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
     
    මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නිවාස ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ වාර්තා ගත සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. මෙය සැබෑ ම ආශ්චර්යයකි. ජනාධිපතිතුමාගේ තුන් කල් දක්නා නුවණින් හා විශිෂ්ට නායකත්වයෙන් දශක ගනණාවක් පුරා ඉදිකිරීමට නොහැකි වු නිවාස ප‍්‍රමාණයක් පසුගිය වසර 03ක් වැනි කෙටි කලක්  ඇතුලත ඉදිකර ජනතාවට තිළිණ කිරීමට හැකි වීම අපේ රටේ ජනතාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයකි. පාට පක්‍ෂ, ජාති, කුල,  ආගම්, නෑදෑකම් ඇතුළු මොනයම් හෝ පුද්ගලික පටු සාධකයන්ගෙන් සම්පූර්ණයෙන් ම තොර වී කොළඹ නගරයේ ජීවත් වන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ම ක‍්‍රියාමක මෙම විසල් සංවර්ධන ව්‍යාපෘත ක‍්‍රියාවෙන් ම ඔප්පු කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී තිබේ. දහසක් බලාපොරෝත්තු මැද දිනාගත් සාමයට නව අරුතක් ගෙන දෙමින් අප මේ ගත කරන්නේ සංවර්ධනයේ ස්වර්ණමය යුගයකය. දිනෙන් දින මේ ගොඩනැගෙන්නේ රටේ අනාගතයයි. මේ ගොඩනැගෙන්නේ ඔබගේත් ඔබගේ දරුවාගේත් හෙට දවසයි.
     
    වේගවත් නාගරීකරණයත් සමග ලෝකයේ සෑම රටක් ම මුහුණපාන පැල්පත්වාසීන්ගේ හා අඩුපහසුකම් ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීමේ අභියෝගය ජය ගැනිමින් සාර්ථකව ඉදිරිය කරා ගෙන යන සංවර්ධන ක‍්‍රියාදාමයේ  නියමුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බි‍්‍රගේඩියර් සමන්ත ජයසුන්දර, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් රංජිත් සමරසිංහ ඇතුළු නිලධාරිවරු කටයුතු කරති.
     
     - දිල්හාරි බණ්ඩාර - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya