අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 දේශගුණික සමුළුව

    සැප්තැම්බර් 23, 2014

    1. පරිසරය, ආර්ථිකයන් සහ ලෝකය පුරා සිටින මිනිසුන්ගේ දෛනික ජීවිතවලට දේශගුණික විපර්යාස නිසා සිදුවන සැලකිය යුතු බලපෑම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරිවර්තනීය විසඳුම් සෙවීම සඳහා පාරිසරික විපර්යාස ගැටලු ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව ඇත.

     

    2. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කි මූන් මැතිතුමා විසින් දේශගුණික සමුළුව 2014 වසරේ සැප්තැම්බර් මස 23 වන දින පවත්වනු ලබන්නේ දේශගුණික ක්‍රියාමාර්ග උත්ප්‍රේරණය කිරීම සඳහා රාජ්‍ය නායකයින් සහ මූල්‍යමය, ව්‍යාපාරික සහ සිවිල් සාමාජීය ප්‍රධානීන් සහභාගී  කරගනු පිණිසය.

     

    3. බෑන් මැතිතුමා 2014 වසරේ පෙබරවාරි මාසයේ දී ලිපියක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙම සමුළුවට ස‍හභාගී  වන ලෙස ආරාධනා කර සිටියේය.

     

    4. වසර 2015 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක දෙකකට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වායු විමෝචනය අඩු කිරීම, දේශගුණික ප්‍රත්‍යස්ථිතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකකට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වූ ගිවිසුමක් සඳහා දේශපාලනමය අභිමතය ලබා ගැනීම පිණිස තම රටවල් ගෙන ඇති පියවර ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමන් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙයට සහභාගී  වන රාජ්‍ය නායකයින් ඔවුන්ගේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කර මෙම අරමුණ කරා යාම සඳහා අවශ්‍ය දර්ශනය සකස් කරනු ඇත.

     

    5. කාලගුණික විපර්යාස සාකච්ඡා ඉතිහාසයේ වැඩිම රාජය නායකයින් සංඛ්‍යාවක් සහභාගී වූ සමුළුව ලෙස සනිටුහන් කරමින් මෙම සමුළුවට රාජ්‍ය නායකයින් 120 දෙනෙකු  පමණ සහභාගී වෙතැයි බලාපොරොත්තු වේ.

     

    6. මෙම සමුළුවේ දී සුවිශේෂී තේමා 4ක් යටතේ සාකච්ඡා පැවැත්වෙනු ඇත:
     දේශගුණෙය,‍ සෞඛ්‍යය සහ රැකියා
     දේශගුණික විද්‍යාව
     ක්‍රියාකාරිත්වය සඳහා ආර්ථික පසුබිම
     දේශගුණික ක්‍රියාකාරීන්ගේ අදහස්

     

    7. රාජ්‍ය, ව්‍යාපාරික, මූල්‍යමය සහ සිවිල් සමාජීය යන සියලුම අංශවල නායකයින්, හඳුනාගත් තීරණාත්මක ක්ෂේත්‍ර 8ක් වන, කෘෂිකර්මාන්ත, නගර, බලශක්ති, මූල්‍යමය, වනාන්තර, කර්මාන්ත, ප්‍රත්‍යස්ථිතිය හා ප්‍රවාහනය පිළිබඳ ව ක්‍රියාත්මකවීම් සඳහා කැපවීම් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

     

    HC/IMU_මුලාශ්‍ර : එක්සත් ජාතීන්ගේ සංවිධානය, විදේශ කටයුතු අමාත්‍යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya