අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ගොවීන්ගේ ලොකු ලූනු මිලදී ගැනීමට කටයුතු කරන්නැයි උපදෙස්

    ඔක්තෝබර් 02, 2018

    ගොවීන්ගේ ලොකු ලූනු මිලදී ගැනීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සතොසට උපදෙස් දෙයි.

    පසුගිය දා දඹුල්ලේ ලොකු ලූනු වගා කරන ගොවීන් හමුවීමට ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව සාකච්ඡා කළේය.

    මේවනවිට දකුණු ප්‍රදේශයට සවස් කාලයේ අධික වර්ෂාවක් පවතින බැවින් තම වගාවන්හි අස්වනු නෙලා ගැනීමට නොහැකි වීම සහ ඒවා ඇතැම් කූට වෙළඳුන් විසින් අඩු මිලට මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව ගොවීහු අමාත්‍යවරයාට පැවසූහ.

    ජීවන වියදම් කමිටුව විසින් ගන්නා ලද තීරණයක් පරිදි ගොවීන් සතු හොඳින් වේලූ ලොකු ලූනු කිලෝග්‍රෑම් 01ක් රු.80ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජීවන වියදම් කමිටුවේ උපදෙස් පරිදි ගොවීන් සතු ලොකු ලූනු වහාම මිලදී ගැනීමට කටයුතු කරන්නැයි සතොස සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව රු.80ක සහතික මිලක් යටතේ (28)දින සිටම ලොකු ලූනු මිලදී ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගොවීන්ගේ අස්වනු නෙලන අවස්ථාවේදී එම බෝග වර්ග පිටරටින් මෙරටට ගෙන්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කීය. ඒ අනුව ඇතැම් බෝග ආනයනය කරන්නේ නම් ඊට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දිය යුතු බවට අමාත්‍ය මණ්ඩලයට සහ ජීවන වියදම් කමිටුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව මෙරට ගොවියා ආරක්ෂා කිරීමට රජය විසින් වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා ලොකු ලූනු ගොවීන්ට ප්‍රකාශ කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya