Print this page

තැපැල් සේවක වර්ජනය අවසන්

ජූනි 27, 2018

තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිව නවතා දැමීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළකර තිබේ.

 

ඒ අනුව 26 මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියවලිය නවතා දැමීමට තැපැල් සේවකයින් කටයුතු කර ඇත.තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා සහ වැටුප් කොමිසම සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙන අතර වැටුප් කොමිසම සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට නියමිත බව වර්තා වෙයි.