Print this page

අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ ප්‍ර‍දර්ශනය ආරම්භ වෙයි

අප්‍රේල් 30, 2018

ජාතික වෙසක් උත්සවයට සමගාමිව අරලියගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නීලගිරි මහා සෑයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේ, පාකිස්ථානයෙන් වැඩම කරවන ලද පාකිස්ථානයේ තක්ෂිලි කෞතුකාගාරයේ සිට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ඉන්දියාවේ සාරානාත් වරනාසි නුවර සිට වැඩම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක වස්තූන් රැසක් මෙම ප්‍ර‍දර්ශනයේදී දැකබලා ගැනීමට අවස්ථාවට ලැබේ.

 

පාකිස්ථානයේ සිට සහ ඉන්දියාවේ සිට පසුගිය 28 වැනිදා මෙම ධාතූන් වහන්සේලා දිවයිනට වැඩම කරවූ අතර අද කොළඹ ගංගාරාම විහාරයේ සිට උත්කර්ෂවත් පෙරහැරකින් අරලියගහ මන්දිරයට වැඩම කරවීම සිදු විය.

 

ඊයේ සිට (29) සිට  ලබන 03 වැනි දින අලුයම 04.00 පැය දක්වා මෙම සර්වඥ ධාතූන්වහන්සේලා මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.

 

ගංගාරාම විහාරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව මෙම ප්‍ර‍දර්ශනය සංවිධානය කර තිබේ.

කතානායක කරු ජයසූරිය මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා, අමාත්‍ය ෆයිසා මුස්තාපා මහතා, අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා, අමාත්‍ය දයා ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.