Print this page

මාධ්‍ය නිවේදනය-ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම

අප්‍රේල් 04, 2018

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් සහ උපාය මාර්ගික ආයෝජක‍යෙකු සමග රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් (Public-Private- Partnership) ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගුවන් සමාගම සඳහා නව සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පසුගියදා පත්කරන ලදී.

ඒ අනුව ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂකවරුන් වශයෙන් මනෝ තිත්තවැල්ල ( මූදල් අමාත්‍යාංශය) ආචාර්ය රෝෂන් පෙරේරා (මහ බැංකුව), එයාර් මාර්ෂල් කපිල ජයම්පති (ගුවන් හමුදාපති) සහ සුසන්ත කටුගම්පොල (නීතීඥ/ අධිනීතිඥ) යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය ලබාදීම වෙනුවෙන් රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇත්තේ එවක රාජ්‍ය බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුව (National Development Bank- NDB )සදහා එහි ආරම්භක වර්ෂය වන 1971 සිට ඔහු විශ්‍රාම ගිය 2001 වසර දක්වා මෙම බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදුන් සේවා අත්දැකීම් පාදක කරගැනීමෙනි. 1989 වසරේ දී ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වූ ඒ මහතා එම බැංකුව වර්ධනය කිරීමට නායකත්වය ලබාදෙමින් 1993 වසරේඑම ආයතනය පෞද්ගලිකරණය කිරීම සඳහා සාර්ථක ලෙස මහජන කොටස් නිකුතුව සිදුකිරීමටත් ලොව පුරා ව්‍යාප්ත වූ බැංකුවක් බවට ජාතික සංවර්ධන බැංකුව පත්කිරීමටත් කටයුතු කර ඇත. මේ අනුව ජාතික සංවර්ධන බැංකුව වාණිජකරණය කිරීම අරමුණින් අනෙකුත් බැංකු කටයුතු එනම් ABN Amro බැංකුව පවරා ගැනීම , රක්ෂණ කටයුතු , ව්‍යාපාර ප්‍රාග්ධනය , කොටස් තැරැව්කාර කටයුතු (stock broking) සහ ආයෝජන බැංකුකරණය එක්කර ඇත.


ප්‍රනාන්දු මහතා බැංකු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරය ද නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු විවිධ පොදු ආයතනයන් හි සභාපති ධූරය හොබවා ඇත. එසේම ඒ මහතා නීතිඥවරයෙකු
වශයෙන් (Attorney-at- Law)නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු ( Bachelor of Law (Hons) මෙන්ම එංගලන්තයේ වරළත් කළමනාකාරණ ගණකාධිවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු ලෙසද (Chartered Institute of Management Accountants (UK), වරළත් බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු වශයෙන් සහ Chartered Institute of Bankers (UK) වරළත් කළමනාකරණ සංගමයේ ( Chartered Institute of Management (UK) සහගාමියෙකු ලෙස ද කටයුතු කරනු ලබයි.

ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සහ මහජන පුද්ගලික පාර්ශව සබඳතා ක්‍රියාවලිය සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්ගේ නායකත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් මගින් මෙහෙයවනු ලබන අතර ඒ සඳහා මහජන ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් , රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ඒජන්සියෙහි (National Agency for Public Private Partnership (NAPPP) සභාපති තිලාන් විජේසිංහ මහතා එක්ව කටයුතු කරනු ලබයි. විජේසිංහ මහතා නිලධාරි කමිටුවේ කැදවුම්කරු වේ. මෙම නිලධාරී කමිටුව 2017 සැප්තැම්බර් මස ස්ථාපිත කරනු ලැබූ අතර ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය කමිටුවේ මඟපෙන්වීම ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදහස් ක්‍රියාවට නැංවීම තුළින් ද කටයුතු සිදු කෙරේ. නිලධාරී කමිටුව විසින් ගුවන් සේවා උපදේශකවරුන් ලෙස එක්සත් රාජධානියේ Nyras ආයතනය තරඟකාරි ක්‍රියාවලියකින් පසු තෝරාගෙන ඇති අතර නිලධාරී කමිටුව වෙත අඛණ්ඩව වාර්තා කිරීමට මෙම ආයතනය කටයුතු කර සිටියි. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කොටස්කරුවන්ගේ (භාණ්ඩාගාරය) අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සපුරා ඇත්තේ ද යන්න මෙම කාර්යය ක්‍රියාවලිය තුළින් අපේක්ෂා කෙරේ.

Nyras ආයතනය විසින් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය සබඳතා සඳහා වන ජාතික ඒජන්සියෙහි (National Agency for Public Private Partnership (NAPPP) සහාය ඇතුව සකස් කරන ලද අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අමාත්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ අතර නව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා එම සැලැස්ම ඉදිරිපත් කිරීමට නියමිතයි. Nyras ආයතනය විසින් විස්තරාත්මක ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරමින් පෙන්නුම් කර ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවා සමූහය කෙටි කාලීනව සිට මධ්‍යම කාලීනව සාර්ථක වීමට ප්‍රතිව්‍යුගත කිරීමේ උපාය මාර්ගය තුළින් හැකිවනු ඇති බවයි. එම ආයතනයේඋපදේශකත්වය මත මීට පෙර මේ හා සමානව දියත කළ උපාය මාර්ග තුළින් Swiss Air සහ Aer Lingus ගුවන් සේවා ද පාඩු ලබන මට්ටමේ සිට විශිෂ්ඨ මට්ටමේ ප්‍රතිලාභ ලබන මට්ටම දක්වා පත්වීමට හැකිවී ඇත.

එසේම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සබඳතා සඳහා වන ජාතික ඒජන්සියෙහි (National Agency for Public Private Partnership (NAPPP) Nyras ආයතනයේ සහාය ඇතුව මහජන පුද්ගලික පාර්ශව ක්‍රියාවලිය සාමූහිකව ක්‍රියාත්මක කරනු ලබයි. මෙය ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම හා සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන අතර මුදල් අමාත්‍යාංශය සහ නිලධාරී කමිටුව වෙත උපදෙස් ලබාදීම සිදුකරනු ලබයි.

එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විශාලතම ණය දායකයන් වන මහා භාණ්ඩාගාරය සහ රාජ්‍ය බැංකු සඳහා වන බලපෑම ලිහිල් කිරීම සඳහා නිර්මාණය වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සබඳතා සඳහා වන ජාතික ඒජන්සිය (NAPPP) මගින් නිලධාරී කමිටුව වෙත උපදෙස් දීමට ද කටයුතු කරනු ලබයි.

ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන් සමාගම
www.srilankan.com