Print this page

ග්ලෝකෝමාව පිළිබඳව ඔබ දැනුවත් ද?

මාර්තු 13, 2018

ග්ලෝකෝමාව යනු කුමක් දැයි බොහෝ අය අසා තිබුණ ද එ් පිළිබඳව කොතරම් දැනුම්වත් දැයි පැණයට හරියාකාරව පිළිතුරක් නොමැත.ලෝකයේ අන්ධ භාවයට පත් වුවන්ගෙන් බහුතරය ඇසේ සුඳ හේතුවෙන් අන්ධ වන අතර එය ශල්‍යකර්මයකින් ඉවත් කිරිමෙන් නැවත පෙනුම ලබා ගත හැකි වේ.

එහෙත් ග්ලෝකෝමාව රෝගයෙන් ඇති වන අන්ධ බව සදාකාලිකය.ලෝකය පුරා මිලියන 4.5 ජනතාව ග්ලෝකෝමාව හේතුවෙන් අන්ධ භාවය පත් වි ඇති අතර එම ප්‍රමාණය 2020 වන විට මිලියන 11.2 දක්වා වර්ධනය වන බව ඇස්තමේන්තු කර තිබේ.


“අපේ ඇසේ හැඩය මෙලෙස පිහිටා තිබෙන්නේ ඇස තුළ පවතින පීඩනය නිසයි. බැලූනයක් වාතයෙන් පිරී තිබෙන්නාක් මෙන් ඇස තුළ ඇති මෘදු පටක තරලයකින් පිරී තිබේ.”  ''අම්මය රසය'' කියා හඳුන්වනු ලබන මේ තරලය රුධිර වාහිනිවල සිට ඇස තුළට ගමන් කරන්නේ ඇස ඇතුළේ තිබෙන ප්‍රතියෝජක දේහය මගිනි. “මේ තරලය ඇසේ සජීවි කොටස්වලට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් ඇස ඇතුළේ සංසරණය වේ. මේ තරලය පෙරනයක් හා සමාන දැලක් හරහා ආපසු රුධිරයට එකතු වේ.”

යම් හේතුවක් නිසා මේ දැල අවහිර වුවහොත් ඇසේ පීඩනය වැඩි වනු ඇත. අවසානයේදී එසේ පීඩනය වැඩිවීම නිසා ඇසේ පිටුපස තිබෙන සියුම් ස්නායු තන්තුවලට හානි සිදුවීමට පටන්ගනී. මෙය ග්ලෝකෝමාවේ බහුලව දකින්න තිබෙන වර්ගය වන අතර ග්ලෝකෝමාවෙන් පෙළෙන අයගෙන් සියයට අනූවක්ම පෙළෙන්නේ මේ රෝගී තත්වයෙනි.

ඇසේ පීඩනය දවසේ විවිධ වේලාවන්වලදී වෙනස් වන අතර මෙයට හෘද ස්පන්දනය, ඔබ පානය කරන ද්‍රව ප්‍රමාණය සහ ඔබ සිටින ඉරියව්ව හා තවත් විවිධ හේතු බලපායි. එම ස්වාභාවික හේතුවලින් ඔබේ ඇසට හානියක් සිදු නොවේ. ඇසේ “සාමාන්‍ය” පීඩනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඇසේ පීඩනය වැඩි වූ පමණින් ග්ලෝකෝමාව ඇති වේ කියා පැවසිය නොහැකියි. කෙසේවෙතත් ඇසේ පීඩනය වැඩිවීම ග්ලෝකෝමාවේ එක් රෝග ලක්ෂණයකි.


ග්ලෝකෝමාවේ තවත් වර්ගයක්ද තිබේ. මෙය ඇති වන්නේ කලාතුරකිනි. බහුලව දක්නට ලැබෙන වර්ගය වගේ නොවෙයි, මේ රෝගී තත්වයේදී ඇසේ පීඩනය ක්ෂණිකව වැඩි වෙයි. මෙහිදී ඇසේ දැඩි වේදනාවක් ඇති වන අතර පෙනීමද අපැහැදිළිය. වමනයද ඇති වෙයි. රෝග ලක්ෂණ පහළ වූ මුල් පැය කිහිපය ඇතුළත ප්‍රතිකාර කළේ නැත්නම් බොහෝවිට ඇස් අන්ධ වේ. ග්ලෝකෝමාවේ තවත් වර්ගයක් තිබෙන අතර මෙය ඇති වන්නේ ඇසේ ගෙඩියක් හටගැනීම හෝ ඇසේ සුද මතුවීම හෝ ඇසට සිදු වන තුවාල වැනි වෙනත් හේතූන් නිසයි. ග්ලෝකෝමාවේ හතරවන වර්ගයට හේතුව උපතේදී සිදු වන ආබාධයි. මේ රෝගී තත්වයෙන් පෙළෙන්නේ සුළු පිරිසකි. මේ තත්වය ඇති වන්නේ උපතේදී හෝ උපතෙන් ටික වේලාවකට පසුවයි. මෙවැනි බිලිඳෙකුගේ අක්ෂි ගෝලය විශාල වන අතර ආලෝකය දෙස බැලීම ද ඔහුට අසීරුය.

ග්ලෝකෝමාව හඳුනා ගන්නේ කෙසේ ද?


1. දෘෂ්ටි ස්නායු පරික්ෂාවෙන්
2. ඇසේ පිඩනය මැනීමෙන්
3. ඇසේ දෘෂ්ටි පරාසය මැනිමෙන්.
4. සිනායු සඳහා OCඨ් පරික්ෂාවෙන්
ග්ලෝකෝමාව වැලඳිය හැක්කේ කාටද?
ග්ලෝකෝමාව ඕනෑම අයෙකුට වැළදිමේ හැකි වුවද වඩාත් අවදානම් කණ්ඩායම් වන්නේ
1. ඔබගේ වයස අවුරුදු 40 ට වැඩිනම් ග්ලෝකෝමාව අවදානම ඇත.අවුරුදු 60 වඩාත් වැඩිවේ.
2. පවුලේ අයෙකුට ග්ලෝකෝමාවේ අවධානම ඇත්නම් ඔබට ඇත.
3. අවිදුර දෘෂ්ටිකත්වය,දුර නොපෙනීම හෝ කුඩා කල සිට ඒ සඳහා උපැස් යුවලක් භාවිතා කරන පුද්ගලයින් ග්ලෝකොමා අවදානම ඇති කණ්ඩායමකි.
4. ඇසට අනතුරක් සිදුවී ඇත්නම් ඔබටත් එ් අවදානම ඇත.
5. දිර්ඝ කාලිනව ස්ටෙරොඩ නම් ඖෂධ වර්ග භාවිතා කරන අයට ද ග්ලෝකෝමාව අවදානම ඇත.
6. දියවැඩියාව ඇති අයට ද මෙම අවදානම ඇත

ග්ලෝකෝමාවට ප්‍රතිකාර තිබේ ද?


ඔබට ග්ලෝකෝමා රෝග තත්ත්වය ඇති බව හඳුනාගත හොත් මූලිකව ම සිදුකල යුත්තේ ඇසේ පීඩනය පාලනය කිරිමයි. ඇසේ පිඩනය එක අගයකින් පහත හෙලීමෙන් වුවද වඩාත් ඵලදායි පෙනුම ආරක්ෂා කර ගත හැක. ග්ලෝකෝමා රෝගයට වෛද්‍ය උපදෙස් මත ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර ගත යුතු වෙයි.ඔබගේ වෛද්‍යවරයා ඔබ හට ඇසට දමන පෙහෙත් එකක් හෝ කිහිපයක් ලබාදෙනු ඇත.තව ද පානය කිරිමට ද බෙහෙත් ලබා දෙනු ඇත.ඖෂධ මඟින් පිඩනය පාලනය නොහොත් ලේසර් කිරණ ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම කල හැකි ය.
එමෙන් ම ඕනැ ම රජයේ රෝහල ඇති අක්ෂි ප්‍රතිකාර අංශයකින් නොමිලේ මෙම රෝගය පරික්ෂා කොට ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැක.

 

සකස් කළේ -ලලන්ති ශර්මලී