Print this page

රටේ අසමඟිය ඇති කරන කිසිවක් සිදු නොකරන්න - ජාතික සමඟිය සඳහා ගත් නීති රීති පිළිබඳව දැනුවත් වන්න

මාර්තු 07, 2018

රටේ සාමයට බාධා කෙරෙන,අසමඟිය ඇති කරන කිසිවක් සිදු නොකරන ලෙසත් රටේ ජාතික උන්නතිය සඳහා,ජාතික සමඟිය සඳහා ගත් නීති රීති පිළිබඳව දැනුවත් වන ලෙසත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති ලේකම්වරය අද (7) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය. මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා මෙසේ ද පැවසීය.

ජනතව මහජන ආරක්ෂක ආඥාපනත ගැන දන්නේ නැහැ. මේ ගැන ජනතාව දැනුවත් කරන්න. වැරැදි කළොත් මෙවැනි දඬුවම් තියෙනව කියලා දැනුවත් කරන්න. එවැනි කටයුතු කරල, රටේ  සාමය නැති කරන්න හෝ අසමඟිය ඇති කරන්න කිසිවක් කරන්න එපා. මෙතැනදී මාධ්‍යයට සමාජ වගකීමක් තිබෙනවා.

සමජ මාධ්‍යවල යන සමහර දේවල් දැක්කම බොහොම පිළිකුල් සහගතයි. වර්ගවාදී, ආගම්වාදී ජාතිවාදී, පුද්ගල චරිත ඝාතනය කරන අන්දමේ දේවල් තිබෙනවා. මේය රටේ සමඟියට ප්‍රශ්නයක්. මේවා හොඳයි කියලා  සාධරණය කරනා පුළුවන්ද? මෙවැනි පිළිගත නොහැකි දේවල් තිබෙනවා. එවැනි දේ සිදු කරන්න එපා.

මිනිස්සු කුලප්පු කරන දේවල් තිබෙනවා. හැම ජන කොට්ඨාශට්යකට ම විරුද්ධ දේ තිබෙනවා. වැඩි බර තියෙන්න ඕන, රටට සමාජයට අවශ්‍ය මොකක්ද? කියන කාරණයට. රටේ සමඟිය ගැන සිතිය යුතුයි. සමාජ මාධ්‍ය නොතිබීම මේ අවස්ථාවේ කණගටුවක් වුවත් රටට සිදුවන හානිය වළක්වන්න හැකි වීම ගැන සතුටු  වෙනවා.


වෛරි ප්‍රකාශ කරන අයට කියන්න මේ දෙය. නැතිනම් විශාල අසාධාරණයක් සමාජයට වෙනවා. මෙය කිරීමෙන් වෙනත් වාසියක් නෑ. රටේ ජාතික උන්නතිය සඳහා, ජාතික සමඟිය සඳහා ගත් නීති රීති පිළිබඳව දැනුවත්
වන්න. නීත්‍යාණුකූලව සහ සාධාරණව නීති ක්‍රියාත්මක කරනවා. සතියකටයි හදිසි නීතිය පවතින්නේ.

වතු ආශ්‍රිත ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ දිසාපතිවරු දැනුවත් කරන බවද මේ තත්ත්වය තුළ මාධ්‍ය සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපති ලේකම්වරයා පැවසීය.