Print this page

ඡන්ද විමසීම වෙනුවෙන් පාසල් 19ක් අද සිට සහ සියලු පාසල් 9 දා වැසේ

පෙබරවාරි 07, 2018

ලබන 8 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 2018.02.09 දින වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව, ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් 2018 පෙබරවාරි මස 07, 08 සහ 09 යන දිනවලදී ද වසා තැබීමට නියමිතයි.

වසා තැබෙන සියලු ම පාසල් හා අදාළ විද්‍යාපීඨ ලබන 12 වන සඳුදා දින නැවත විවෘත කරනු ලැබේ.

 

අද (07) සිට වැසෙන පාසල් 19 හා විද්‍යා පීඨ 2ක පහත සඳහන් වේ.

 

img484