අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිවේදනය:

    ජනවාරි 24, 2018
    සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කරයි. එම විසඳුම මෙසේයි: 
    සයිටම් ආයතනය අහෝසි කරමින් එහි සියළුම වත්කම්, වගකීම්, සිසුන් සහ කාර්ය මණ්ඩලය නව රාජ්‍ය නොවන, ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) උපාධි ප්‍රදානය කරන ආයතනයකට පැවරීම. මෙම ආයතනය ආරම්භ කරන්නේ දැනට සයිටම් ආයතනයේ සිටින අවසන් සිසුවාද මෙම ආයතනයෙන් උපාධිය ලබාගත් පසුව ඉදිරි දිනකදී මෙම ආයතනය අවසන් කරන (Sunset) පදනමිනුයි. මෙය සිදුකරනු ලබන්නේ වර්තමාන කොටස්කරුවන්, ණයදෙන ආයතන සහ සයිටම් ආයතනයේ මෙහෙයුම් කටයුතු භාරගන්නා නව ආයතනය එය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයටයි.  
     
    ඉහතින් සඳහන් කළ නව ආයතනයට පරිබාහිරව නව රාජ්‍ය නොවන, ලාභ නොලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක් ආරම්භ කිරීම. මෙම ආයතනය 2019 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ අළුතින් සිසුන් බඳවා ගන්නා (Sunrise ) ආයතනයක් ලෙසයි. 
     
    වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූලව මෙම ආයතන දෙක මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරීක්ෂණය සහිතව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදෙන බවට සහතික කරනු ඇත. වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් 2018 ජනවාරි 27 වනදා ගැසට් කරනු ඇත. 
     
    මෙම ආයතන දෙකම ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යටතේයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ සයිටම් ආයතනය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර මෙය 2017 දෙසැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වේ. මෙම ගිවිසුම සඳහා නීතිපතිවරයා විසින් අනුමැතිය ලබාදී තිබේ.  
     
    මෙහිදී, රජයට කිසිදු අමතර වැය බරක් නොමැතිව නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයට පවරනු ඇත. 
    රජය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ මෙම විසඳුම මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසයි. මෙයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ඊළඟ නඩු වාරය යෙදෙන  2018 ජනවාරි 29 වනදා මෙය සලකා බැලෙනු ඇත.  
     
    මෙම විසඳුම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවන් ලබාදීමට රජය සූදානමින් සිටින නිසා මෙම විසඳුමට එරෙහිව උද්ඝෝෂණය කිරීමට පෙර එම පාර්ශවයන් විසඳුම පිළිබඳව තවදුරටත් පුළුල්ව සාකච්ඡා කිරීම වැදගත් යැයි රජය විශ්වාස කරයි.  
     
     
    නීතිඥ සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya