Print this page

මොරගහකන්දේ නිල් දියවර රජරටට රන් දියවරක්

ජනවාරි 08, 2018
මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්යන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් යුතු ව ආරම්භ කළ මහවැලි මහ සැලැස්මෙන් වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.
 
1970 පෙබරවාරි 28 වන දින ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරයට මුල්ගල තබමින් මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ අතර 1977 වසරේ දී එවකට පැවැති රජය විසින් මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.
 
02.Pictureවකටරය වලල සහ ජලශයකඩිනම් වැඩපිළිවෙළ යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 කට ප්‍රමුඛත්වය දෙමින් වික්ටෝරියා, කොත්මලේ, මාදුරුඔය හා රන්දෙණිගල ජලාශයන් ඉදි වූ අතර මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට නොහැකි විය. පසුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 1998 වසරේ දී මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව 2007 ජනවාරි 25දා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය. 
 
එසේ ඉදි වූ මොරගහකන්ද - කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන්වීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩා කිරීමේ කටයුතු 2017 වසරේ ජනවාරි 11දා සිට ආරම්භ විය. මොරගහකන්ද නිම්මනයෙන් ජලා ආ ඒ නිල් දිවරින් පිරි ජල තටාකයක් බවට පත්වූ ජලාශය අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් රජරට පෝෂණය කරන්නට සුභ මොහොතින් අවසර ලැබ ගත්තේය.
 
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන් භාරගැනීම ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මොරගහකන්ද ජලාශයෙන් නිදහස් වන ජලය අද සිට පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට රන් දියවරක්ම වනු ඇත.
 
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාත්මක වන අතර දැනට මෙහි ජල ධාරිතාව අක්කර අඩි 460,000 කි. මෙම ව්‍යාපෘතියේ කළුගඟ වේල්ල මෙම වසර අවසානයේ දී නිම කිරීමට අපේක්ෂා කෙරෙන අතර දෙවන අදියර ලෙස 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබාදීමට කටයුතු කරයි. ඊට අමතරව තෙවන අදියර ලෙස ඉරනමඩුව නගරයට ජලය මුදාහැරීම සඳහා කටයුතු සැලසුම් කරමින් පවතී.
 
මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා මොරගහකන්ද ජලාශය ප්‍රධාන වේල්ලක් හා සදැලි වේලි දෙකකින් සමන්විත වෙයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 557.42 ක් පමණ වේ.
 
දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මෙහි සම්පූර්ණ ධාරිතාවය අක්කර අඩි 660,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාවය මෙන් 6ගුණයන් විශාල වේ.  මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර් 82,000ක පමණ විශාල භූමි ප්‍රමාණයක් සඳහා වසරේ දෙකන්නයේම සාර්ථකව වගා කළ හැකි පරිදි වාරි ජලය සැපයීම සිදු කරන අතර ම පානීය හා කර්මාන්ත සඳහා ජලය සැපයීමත් සිදු කෙරේ. ඒ සමඟම මෙරට ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් මෙගාවොට් 30 ක විදුලි බලයක් ලැබෙන අතර ව්‍යාපෘතියේ සියලු ප්‍රතිලාභ අනුව වසරකට අපේ රටට ලැබෙන ආර්ථික වාසිය රුපියල් මිලියන 5,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
 
නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගණනාවක් තිස්සේ අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස් කර ඉදි වන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි ගල් පිරවු ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස්වලින් සැදු වේල්ලක් යන වේලි තුනකින් යුතු එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීමද විශේෂත්වයකි. මේ ජලාශය ඇළහැර පෞරාණික හැරවුම් අමුණට කිලෝමීටර දෙකක් පමණ ඉහළින් අඹන්ගඟ හරහා වේල්ලක් ඉදිකිරීම මඟින් ඉදිකිරීම් සිදුකර තිබේ.
 
උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15 කට සෙත සලසන පුද්ගලයන් ලක්ෂ 3 කට පිරිසුදු පානීය ජලය ලබාදෙන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික උනන්දුව හා මෙහෙයවීම මත වේගවත්ව ඉදිකළ අතර එය මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ද ඉතිහාසයට එක්වෙයි.
 
මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල වන අතර එය වසර 40 කට පසු මෙරට ඉදිවූ විශාලතම ජලාශයද වේ. 
 
voda v Afrike 2
මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු, කුඩා වැව් 2000 කට අලුත් දියවර ලැබෙන අතර ඒ අනුව වයඹ පළාතේ වැව් 303 කට, උතුරුමැද වැව් 1600 කට ජලය ලැබෙයි. ඊට අමතරව නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගර හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ද ඉදිකරනු ලැබේ. 
 
මෙලෙස මොරගහකන්ද ජලාශයෙන් ගලායන නිල් දියවර හෙට දිනයේ දී රජරටට රන් දියවරක් ම වනු ඇත.
 
 
- දිල්හාරි බණ්ඩාර -