අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු වාර්තා චිත්‍රපට උළෙල සඳහා නව නිර්මාණකරුවන්ට ඇරයුම්

    නොවැම්බර් 24, 2016
    දැනුම බෙදාහැරීම, තීව්‍ර ලෙස හැඟීම් ප්‍රකාශයට පත් කිරීම, ප්‍රජාව දැනුවත් කිරීම වැනි සුවිශේෂ කාර්යයන් සඳහා වාර්තා චිත්‍රපට පොදුවේ භාවිත වේ. මෙම මාධ්‍යය අද වනවිට විවිධ කලාත්මක හා භාවාත්මක ප්‍රකාශන ඉදිරිපත් කිරීමට ද හැකි මාධ්‍යයක් ලෙස නිර්මාණය වී තිබෙන ආකාරය දැකිය හැකිය. ලංකාවේ වාර්තා චිත්‍රපට ඉතිහාසය කලාත්මක චිත්‍රපට ඉතිහාසයට වඩා දශක කිහිපයකට වැඩි ඈතකට දිව යයි. එසේ වුවද, වාර්තා චිත්‍රපටය සංවිධිතව ඇගයීම සඳහා ජාතික මට්ටමේ ප්‍රයත්නයන් කැරුනු අවස්ථා ඉතා අල්ප වේ. ජාත්‍යන්තර සිනමා උළෙලවල්වල අපේ නිර්මාණකරුවන් කිහිප දෙනෙකු විශිෂ්ඨතා ප්‍රදර්ශනය කොට රටට කීර්තියක් ගෙන දී ඇතත්, ඔවුන්ටද එම ක්ෂේත්‍රයේ දිගින් දිගටම රැඳී සිටීමට තරම් හේතු සම්පාදනය වීමක් ලාංකේය චිත්‍රපට අවකාශය තුළ නිර්මාණය නොවිනි.
     
    මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විකල්ප මාධ්‍ය කලාවක් ලෙස වාර්තා චිත්‍රපටය ඇගයීමේ අරමුණින් හා වාර්තා චිත්‍රපටකරණයේ නියැලී සිටින සියලුදෙනා හටම එකතුවී සිටිය හැකි එක කුඩයක් ඉහලීමේ අරමුණින් මේ වාර්තා චිත්‍රපට උළෙල සංවිධානය කෙරේ.
     
    සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් 15දෙනෙකුගෙන් සම්න්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම වාර්තා චිත්‍රපට උළෙලේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, එම පිරිසට ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයෙකු සහ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු ද අයත් වේ. 
     
    සමාන්‍යයෙන් වාර්තා චිත්‍රපට උළෙලකදී සම්මාන ලබාදීමේදී ඒ ප්‍ර දේශයට ආවේණික වූ දේවල් යොදා ගන්නා බව පෙන්වා දෙන මෙම චිත්‍රපට උළෙලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සුමුදු ගුරුගේ මහතා සඳහන් කළේ ඒ අනුව, මෙහිදී ලබාදෙන සම්මාන සඳහා ද දකුණු පළාතට ආවේණික වූ වෙස්මුහුණු හා සම්බන්ධ නාමයන් යොදා ගැනීමට කටයුතු කොට ඇත.
     
    ඒ අනුව හොඳම වාර්තා චිත්‍රපටය සඳහා ගුරුළු රාක්ෂ සම්මානය, හොඳම පර්යේෂණය සඳහා මයුර රාක්ෂ සම්මානය, හොඳම තිර රචණය සඳහා ගිනිජල් රාක්ෂ සම්මානය ද, හොඳම කැමරාකරණය සඳහා ගරා රාක්ෂ සම්මානය, හොඳම අධ්‍යක්ෂණයට නාග රාක්ෂ සම්මානය ද, හොඳම උත්සාහය වෙනුවෙන් මරු රාක්ෂ සම්මානය ප්‍රදානය කෙරෙනු ඇත.
     
    මෙම චිත්‍රපට උළෙල සඳහා 2011 වසරේ සිට මේ දක්වා කළ විනාඩි 01 සිට විනාඩි 90 දක්වා වන ඒකාංගික වාර්තා චිත්‍රපට පමණක් ඉදිරිපත් කළ හැකි අතර ජංගම දුරකතන වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් කළ නිර්මාණයන් ද ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත. මේ සඳහා වන නිර්මාණ භාරගැනීම දෙසැම්බර් මස 15න් අවසන් වේ. 
     
    ගාල්ලේ සර්වා කලා සහ මාධ්‍ය පාසැල විසින් මෙම උළෙල සංවිධානය කරන අතර, වාර්තා චිත්‍රපට පර්යේෂකයෙකු වන සුමුදු ගුරුගේ මහතා මෙම තරඟාවලියේ උළෙල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
     
    මෙහි තරඟාවලියට සුදුසුකම් ලබන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගේ පළමු, දෙවන හා තෙවැනි චිත්‍රපට පමණක් වන අතර, ප්‍රවීන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණයන් ගරු කටයුතුව නිතරගයෙන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කොට ඇති අතර කාන්තාවන් සඳහා ප්‍රමුඛත්වයේ ලා සැලකීමට ද සංවිධායක කමිටුව තීරණය කර තිබේ. 
     
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනයෙන් මෙන් ම දුරකතන අංක 0767 909 909 හෝ 0767 952 952 සහ සමාජජාල වෙබ් අඩවිය වන facebook@galledoc හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya