අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට සමුදී යලි ගොඩ නැගෙන අරණායක

    නොවැම්බර් 03, 2016
    වෙසක් සතිය  උදාවත්ම සමස්ත  ලෝකවාසී බෞද්ධයන් බුද්ධාලම්බන  ප්‍රිතියෙන් ප්‍රමුදිත වන්නේ දාන  , සීල, භාවනා වැඩ සටහන් වලට මුල් තැන දී බුදුරදුන්ගේ තෙමගුල සිහි කිරිම උදෙසාය.
    2016 වෙසක් සතිය අරණායක ඇතුළු කෑගල්ලට උදාවන්නේ අතිශය ඛේදජනක සිද්ධි මාලාවක් සමගය. එම ප්‍රදේශ  වාසීන් පමණක් නොව ශ්‍රි ලංකාවේ කිසිවෙකු නොසිතු අයුරින් ජීවිත 150 ක්  පමණ  පොලවට යට කරමින් කෝටි ගණනක දේපල ජනතාවට අහිමි කරමින් දෙබත්ගම සාමසර කන්ද නාය යෑමත්  සමගම මෙම  ඛේදවාචකය ආරම්භ විය. මෙයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ  ආපදා සිද්ධීන් රැසක් වාර්තා විය. 
     
    ප්‍රධාන වශයෙන් අරනායක සමසර කන්ද  නාය යෑමත් සමගම අරනායක ග්‍රාමසේවා වසම්  කිපයකම   ජනතාව දැඩි අපහසුතාවයකට පත් විය.  පවුල්  සිය ගණනකට උන් හිටි  තැන් අහිමි වු අතර අධි අවදානම් කලාප වල සිටි අයට  එම ප්‍රදේශ වලට යෑම අනතුරු දායක බව පෙන්වා දෙන ලදී. අහිමි වු ජීවිත හැර  සියල්ල ලබා දීම ප්‍රධාන අරමුණු ඇතිව  විනාශවී ගිය අරනායක ජන ජීවිතය   ගොඩ නංවාලීමේ  කටයුතු  මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවති. ජනධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  මහතාගේ පුර්ණ  මගපෙන්වීම හා නායකත්වය එයට ලැබී ඇත.  විශේෂයෙන් ජනාධිපති හා අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සමස්ත රජයේම සහය මෙම ව්‍යාපෘතියට ලැබී ඇත.  විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන  නායකත්වය, ත්‍රිවිඩ හමුදාව හා පොලීසිය ඇතුළු  ආරක්ෂක අංශද   රාජ්‍ය නිලධාරින්ද  වෙනත් දේශීය විදේශිය  සංවිධානද ආගමික  නායකකත්වයද  මේ සදහා දක්වා ඇත්තේ සුවිසල් දායකත්වයකි. aranayaka 1
     
    නිවාස හා ඉඩම් අහිමි  පුද්ගලයින්ට  හා අධි අවදානම් කලාප වල වෙසෙන පුද්ගලයින්ටද නිවාස ඉදි කිරිම වෙනුවෙන්  අවශ්‍ය ඉඩම් මේ වන විට හදුනාගෙන ඇත.  මේ සදහා රජයේ ඉඩම්, ජන වසම ඉඩම් , LRC ඉඩම්,   වැවිලි සමාගම් ඉඩම් හා පෞද්ගලික යන  අංශවලින් අදාල ඉඩම් ලබාගෙන ඇත. 
    පසුගියදා අරනායක ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ නායයෑම්  , ගංවතුර ආදී හදිසි තත්වයන් හේතුවෙන් විපතට පත් වුවන් සදහා රජය මගින් සියළු පහසුකම් සහිතව ඉතාමත් සුරක්ෂිත ස්ථාන වල අළුතින් නිවාස සෑදිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති. 
     
    මේ පිළිබදව අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්. අබේවික්‍රම වන සූරිය මහතා ‚ අරනායක ප්‍රදේශය ඇතුළුව පසුගියදා ඇතිවු හදිසි ආපදා තත්වය හේතුවෙන්  විපතට පත් වුවන්ගේ අහිමි වු ජීවිත හැර සියල්ල ලබා දීමට අවශ්‍ය කටයුතු රජයේ පුර්ණ මග පෙන්වීම යටතේ සිදු කරමින් පවතිනවා.  මෙහිදී දැනටමත් පෞද්ගලික ආයතන මගින් නිවාස ව්‍යාපෘතීන් 2 ක් ආරම්භ කර තිබෙනවා. විපතට පත් වුවන් සියළු දෙනාට සුරක්ෂිත නිවාසයක් ලබා දිමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතින බවද ඒ මහතා පැවසීය.  නිවාස අහිමි වුවන්ට නව නිවාස, අධි  අවදානම් කලාප වල වාසය කරන්නන්ට නව ඉඩමක් සහිත නිවසක්,  අවදානම් කලාප වල පාසල් ඇතුළු  අනෙකුත් ආයතන අළුතින් ඉදි කිරිම  ආදිය රජයේ පුර්ණ මග පෙන්වීම හා නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙමින් පවති. 
    මේ සදහා දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් , හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම  දෙස් විදෙස් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධන දක්වන්නේ විශාල අනුග්‍රහයකි.  මහා ඛේදවාචකයකට මුහුණ දුන් ජනතාවට සතුටින් සපිරි හෙටක් ගොඩ නංවා ලීමට දායක වන සැමට  ප්‍රදේශවාසීන්ගෙන් හිමිව ඇත්තේ නොමද ආශිර්වාදයකි. 
     
     
    කෑගල්ල දිස්ත්‍රික්  ප්‍රවෘත්ති නිලධාරී
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya