මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ මාසය- ''හැඩට ඉන්න- මැනලා කන්න''-ජාතික පෝෂණ මාසයේ වැඩසටහන් රැසක්

    ජූනි 01, 2016

    ශ්‍රී ලංකාවාසී ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවීමේ පරමාර්ථය පෙරදැරිව පවත්වනු ලබන ජාතික පෝෂණ මාසය ජූනි මාසය තුළ ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව එහි ජාතික උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 06 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.
    එදිනම උදැසන 9.00ට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාගමනක් සංවිධනය කොට ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පැවසයි.

     

    පාගමන කොළඹ, විහාර මහදේවි උද්‍යානය අසළින් ආරම්භ වී නිදහස් චතුරශ්‍රය අසළින් කොළඹ පදනම් අයතනයට යළි ළඟා වෙයි.

     

    තරඟකාරී සමාජය තුළ පෝෂදායී ආහාර රටාවෙන් ජනතාව ඈත්වෙමින් පවතී. ජනතාව ක්ෂණික ආහාරපානවලට නතුවීම සිදුවෙයි. විශේෂයෙන්ම පාසල් දරුවන් ක්ෂණික ආහාර සඳහා යොමු වීම දකින්නට තිබේ. මේ නිසාම පාසල් දරුවන් අතර අධි පෝෂණයක් දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.


    ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂණ සමීක්ෂණයට අනුව  වයස අවුරුදු 18-59 අතර පිරිමි සියයට 16.2%ක් කෘෂභාවයෙන් ද  සියයට 22%ක් අධිබර තවයෙන් ද පෙළෙයි.සියයට 4.2%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව අනාවරණය වෙයි.කාන්තාවන් අතරින් සියයට 14.9%ක් කෘෂ බවින්ද, සියයට 24.6%ක් අධිබරින්ද, සියයට 6.9%ක් ස්ථූල බවින්ද පෙළේ.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි පසුගිය  දශක දෙක සැලකීමේ දී අධිබර හා තරබාරුකම සීග්‍රයෙන් ඉහළ යන බවක් දක්වයි.ඒ නිසාම බෝ නොවන රෝග සඳහා ගොදුරුවීමේ අවධනම ඉහළ ගොස් තිබේ.

     

    ඒ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ජනතාවට නිවැරදි පෝෂණයක් ලබාගැනීම උදෙසා විවිධත්වයෙන් යුතුව ආහාර තෝරාගැනීමත්, ගුණාත්මක අගය සුරැකෙන ලෙස ආහාර පිසීමත් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.මෙවර ජාතික පෝෂණ මාසයේ ප්‍රධාන අරමුණ වන්නේ, ආහාර පිඟානක තිබිය යුතු නිවැරදි ආහාර ප්‍රමාණයන් හා ආහාර  විවිධත්වය පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් ලබාදීමයි.

     

    ජාතික පෝෂණ මාසයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා සඳහන් කළේ ය.

     

    රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය,පෞද්ගලික අංශ සම්බන්ධකරගනිමින් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,පාගමනක් සංවිධානය කිරීම,පාසල් ළමුන් අතර පෝස්ටර් තරඟයක් පැවැත්වීම,මෙන් ම පළාත් හා කොට්ඨාශ ආවරනය කරමින් පෝෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya