අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්විස්ටර්ලන්තය ලොව තෘප්තිමත් ම රාජ්‍යය බවට පත් වෙයි

    අප්‍රේල් 24, 2015

    එක්සත් ජාතීන් ගේ සංවිධානය යටතේ පවත්නා සංවිධානයක් වන චිරස්ථායි සංවර්ධන විසඳුම් ජාලය Sustainable Development Solutions Network (SDSN) මඟින් ඉදිරිපත් කරන ලද තුන් වන වාර්ෂික ලෝක තෘප්තිමත් දර්ශකයෙහි පළමු තැනට ස්විස්ටර්ලන්තය පත් ව ඇත. ඉන් අනතුරු ව පිළිවෙලින් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, නොර්වේ සහ කැනඩාව යන රටවල් පත්ව ඇත.

    අඩුවෙන් ම තෘප්තිමත් ජනතාවක් සිටින රටවල් වන්නේ ටෝගෝ, බුරුන්දි, බෙනින්, රුවන්ඩාව හා සිවිල් යුද්ධයෙන් පීඩිත සිරියාව වේ.

    ලෝක තෘප්තිමත් වාර්තාව මඟින් රටවල් 158ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහි අරමුණ වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති උත්තේජනය කිරීම වේ.

    මේ අධ්‍යයනය සාම්පලයකින් ප්‍රශ්න කිරීමෙන් කරන ලද ජනමත විචාරයක් මඟින් ලබාගන්නා ලද දත්ත මත පදනම් ව හා තථ්‍ය ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනය, ජීවිතාපේක්ෂාව, දූෂණ මට්ටම හා සමාජ නිදහස යන කරුණු පිළිබඳවද අවධානය යොමු කරමින් සිදු කර ඇත.

    සතුට, සමාජ ප්‍රගතිය හා රාජ්‍ය ප්‍රතිපත්තියේ ඉලක්ක පිළිබඳ නිසි මිම්මක් බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

    බොහෝ ජාතික රජයන් හා පළාත් පාලනායතනයන් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම පිණිස ප්‍රතිපත්ති සම්පාදනයේ දී තෘප්තිමත් භාවය පිළිබඳ දත්ත උපයෝගී කර ගැනීමද වැදගත් වේ.

    චිරස්ථායි සංවර්ධන විසඳුම් ජාලය විද්වතුන්, වෘත්තිකයන්, රජයන් හා පෞද්ගලික අංශයෙන් සමන්විත වන අතර 2012 වර්ෂයේ දී පළමු ව මෙම වාර්තාව එළි දක්වන ලදී.

    මූලාශ්‍රය - BBC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya