අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ අවසන් තරඟය අද ඇරඹේ

    මාර්තු 02, 2023

    බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල ක්‍රියාත්මක වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ තරගය සංගීත් කුරේගේ නායකත්වයෙන් යුත් ගෝල් කණ්ඩායමත්, මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වේ.

    මෙම තරගය පුරා දින 4 ක් හෙවත් ලබන ඉරිදා (05 වැනිදා) දක්වා පවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සිව්දින තරගාවලිය මෙවර පවත්වනු ලබන්නේ දෙවැනි වතාවටයි.

    නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ මෙතෙක් පැවැති සිව්දින, එක්දින සහ විස්සයි-20 යන තරග අංශ 3 දීම ජැෆ්නා කණ්ඩායම අවම තරමින් අවසන් මහ තරග වරම හෝ උදා කර ගැනීමට සමත්ව තිබෙන නමුත්, මෙවර තරගාවලියේදී එතෙක් පවත්වාගෙන ආධිපත්‍ය මෙවර තරගාවලියේදී බිඳ වැටීම කැපී පෙනෙයි.

    ඒ අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායම හමුවේ ලද ලකුණු 132 ක පරාජය හේතුවෙනි. එසේම දඹුල්ල කණ්ඩායමක් එම තරග ඉතිහාසයේ ඔ්නෑම තරග අංශයක් යටතේ අවසන් මහ තරග වරමක් උදා කරගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය සනිටුහන් වේ.

    ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ තරග 4 කට ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පූර්ණ ජයග්‍රහණය 2 ක් සහ එක් පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරග වරම ලබද්දී ගෝල් කණ්ඩායම පූර්ණ තරග ජයග්‍රහණ 2 ක් සමගින් ප්‍රසාද ලකුණු 72.915 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට තේරී පත්වීය. අනතුරුව පැවැති අවසන් පූර්ව තරග වලදී ගෝල් කණ්ඩායම විසින් කැන්ඩි කණ්ඩායමද, දඹුල්ල විසින් ජැෆ්නා කණ්ඩායමද පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම දිනා ගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya