අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළු පහසුකම් - ක්‍රීඩා අමාත්‍ය

    ඔක්තෝබර් 08, 2018

    දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ලබා දී ඒ සමාජ වගකීම තමන් විසින් ඉෂ්ඨ කරන බවත් ඔවුන්ට ලබාදිය යුතු ඉහළම පිළිගැනීම ලබා දීමට ක්‍රියා කරන බවත් පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

     

    ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා , එංගලන්ත , ඉන්දීය තුනකොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

    එමෙන් ම සාමාන්‍ය පුද්ගලයකු ලෙස උත්පත්තිය ලැබීම වාසනාවක් බවත් එසේම ඔවුන්ගේ වියදම් දැරීමට අපොහොසත් වන්නේ නම් සමාජ වගකීම නිසිලෙස ඉටු නොවන්නේ යැයි තමන්ට හැගෙන්නේ යැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා, දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදීමේ වගකීම ඉටු කරන බවත් සඳහන් කළේ ය.

     

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ සිටින බවත් ඔවුන්ට රටට ජයග්‍රහණය හා ගෞරවය ගෙන ඒමට හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔවුන්ට සුභ පතන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

     

    මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිසිබලධාරී වරයා වන එච්.ටී. කමල් පත්මසිරි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා , ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමයේ කළමනාකරු චමින්ද පුෂ්පකුමාර මහතා ,එම සංගමයේ පුහුණු කරු ලක්ෂාන් දේශප්‍රිය මහතා , දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රියන්ත කුමාර යන මහත්වරුන් ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya