Print this page

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දා

සැප්තැම්බර් 13, 2018

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි  බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැති මාධ්‍ය දනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

මෙම තරඟාවලිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සවස 3.00ට ආරම්භ  වීමට නියමිතය.

ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් නියෝජනය කරමින් රටවල් 8ක් මෙම තරඟාවලියට  එක්වෙයි.ඉරාකය,මොංගෝලියව,සවුදි අරාබිය,හොංකොං ,බංගලාදේශය, මැලේසියාව, එක්සත් අරාබි එමිර් රජ්‍ය
නියෝජනය වන රටවල් වෙයි. මෙම තරඟාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි.

ජාතික ක්‍රීඩවක් ලෙස ඉදිරියට යෑමට මෙම තරඟාවලිය ජය ගනිමින් බලාපොරොත්තු වන බවත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල රටවල් 224කින් 78 වන ස්ථානයත් ආසියානු ශ්‍රේණිගත කිරීම් වලින් 14 වැනි ස්ථානයත් ශ්‍රී ලංකාව
සිටින අතර මෙම තරඟාවලියෙන් අනතුරුව එම මට්ටම ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය.

 ජාතික ක්‍රීඩාව ලෙස වොලි බෝල් තරඟාවලිය නැරබීමට ශ්‍රී ලංකා වාසී ජනතවට ආරාධනා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවස සිටියේ ය.