Print this page

මාලදිවයින් - ශ්‍රී ලංකා ඒකාබද්ධතා කොමිසම් සභාවේ මීළඟ සැසිය කොළඹදී

පෙබරවාරි 11, 2017

මාලදිවයින් - ශ්‍රී ලංකා ඒකාබද්ධතා කොමිසම් සභාවේ තෙවන සැසිවාරය මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පසුගිය 9 වැනි දා  පැවැත්විණි.


එම සැසිවාරය සඳහා සහභාගී වූ මාලදිවයින් නියෝජිත පිරිසේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අසීම් මහතා විසින් දරන ලද අතර ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් දරන ලදී.

වෙළඳ හා ආර්ථික සහයෝගීතාව, අධ්‍යාපන හා සමාජ සුරක්ෂිතතාව, සංස්කෘතිය හා සංචාරක කර්මාන්තය, ධීවර හා සෞඛ්‍ය සහයෝගීතාව යන කරුණු ඇතුළත්ව දෙරට සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් මෙම ඒකාබද්ධතා කොමිසමේදී සාකච්ඡාවට ලක් විය.

කොන්සියුලර් සහ ප්‍රජා ගැටලු, මානව සම්පත් සංවර්ධනය හා දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර සහයෝගීතාව ආදී කරුණුද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.


ඒකාබද්ධතා කොමිසම් සභාව ද්වි වාර්ෂිකව පැවැත්වීමටත් එහි මීළඟ සැසිවාරය 2019 වර්ෂයේ කොළඹදී පැවැත්වීමටත් මෙහිදී තීරණය විය.