අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ක්‍රීඩා උළෙලක්....

    ජූනි 23, 2016
    ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන්ගේ ක්‍රීඩා උත්සවයක් හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැත්විණි.
    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන පාසල්වල දරු දැරියන්ගේ සෞඛ්‍ය හා මානසික තත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම උළෙල සංවිධානය කොට තිබිණි.
     
    සාම්ප්‍රදායික ළමා අවුරුදු ක්‍රීඩා මෙන්ම විනෝදාත්මක ඉසව් රැසකින් සමන්විතව පැවති මෙම උළෙලට ඌව පළාත් ආණ්ඩුකාරවර එම්.පී.ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් පරිවාස  හා ළමාරක්ෂක සේවා සහ සමාජ සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍ය කුමාරසිරි රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගි වූහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya