අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීමට තවත් එක් පියවරක්

    අප්‍රේල් 20, 2016
    "පළාත් පාලන ආයතනවල වර්තමාන කාර්යභාරය සහ අභියෝග " නමින් එක් දින වැඩ මුළුවක් පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පදනම් ආයතනයේ පැවැත්වේ.
    මෙම වසරේ ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු වලදී පැන නගින ගැටළු හා  එම සංවර්ධන කටයුතු ඵලදායි ලෙස ඉටු කිරීමට ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම, පළාත් පාලන ආයතන හා අමාත්‍යංශය අතර මනා සම්බන්ධිකරණයක් පවත්වා ගෙන යාම යන කරුණු මුලික කර ගනිමින් මෙම වැඩ මුළුව පැවැත්වේ.
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, පළාත් පාලන ආයතන පිළිබඳ පනත් යල් පැන ගිය ඒවා බවත් ඒ වෙනුවට නව පනත් ගෙන එන බවත් සියළුදෙනාගේම අඩුපාඩු හදුනාගෙන එක් ගමනක් යෑම මෙහි අරමුණ බවත් පැවසීය. 
     
    කිසිදු දේශපාලන පක්ෂයකට යටත් නොවී රජයේ නිලධාරීන් ලෙස සලකා කටයුතු කිරීම යුතුකම බවද ඒ සදහා සහාය ලබා දීමට කටයුතු කරන බවද තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ,අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි යන් මහත්වරුන්ද සහභාගි වුහ.
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya