අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් හෙට (19) මාතර දී

    අප්‍රේල් 18, 2016
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් සැහැල්ලු පන්දු  ක්‍රිකට් තරඟාවලියක් හෙට (19) පෙ.ව. 9.00 ට මාතර කොටුව - මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන අතර මේ සඳහා ශක්ති, එකමුතු, තුළිත, ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර හා විනිවිද යනාදී ඵලදායිතා කව මේ සඳහා සහභාගි වීමට නියමිත ය.
     
    සීමිත ඕවර හතකින් හා තරඟවට නවයකින් සමන්විත මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් නවයක් සහභාගි වන අතර එක් කණ්ඩායමක් සඳහා තරඟ කරුවන් හත් දෙනෙකු සහ තරඟ කාරියන් තිදෙනෙකු බැගින් සහභාගි වේ. මෙහි දී පන්දු යැවීම හා පන්දුවට පහර දීම යන අංශ දෙක සඳහා ම තරඟ කාරියන් වෙනුවෙන් ඕවර දෙකක් වෙන් කිරීම අනිවාර්ය වේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරේ.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya