අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් අන්තර් - සමුළු සැසියක් නේපාලයේ පොඛාරාහිදී

    මාර්තු 17, 2016

    දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (SARRC) අන්තර් සමුළු සැසි වාරය, පසුගිය 14 දා සිට අද ( 17) දක්වා දිනවලදී නේපාලයේ පොඛාරා හි දී පැවැත්වේ.

     

    2014 නොවැම්බර් මස කත්මණ්ඩු හී දී පැවති 18 වැනි සාර්ක් සමුළුවේ ගනු ලැබූ තීරණ අතුලුව විවිධ සාර්ක් සංසදවලදී ගනු ලැබ ඇති තීරණවල ප‍්‍රගතිය විමසා බැලීම සඳහා හා ප‍්‍රමුඛතාව ලබාදිය යුතු කරුණු හඳුනාගැනීම සඳහා සාමාජික රටවලට ඉඩප‍්‍රස්ථාව ලබා දෙනු ඇත.


    අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ගේ මට්ටමින් පවත්වනු ලබන සාර්ක් වැඩසටහන් කමිටුවේ 02 වැනි සැසිවාරය මාර්තු 14 - 15  නේපාලයේ ආරම්භ විය.

     විදේශ ලේකම්වරුන්ගේ මට්ටමින් පැවැත්වෙන 42 වැනි සාර්ක් ස්ථාවර කමිටු ඊයේ (16) පැවැත්විණි. මෙම රැස්වීම්වලදී සාර්ක් අමාත්‍ය මණ්ඩලයේ 37 වැනි සැසි වාරය සඳහා විෂය පථය සැලසුම් කරන අතර අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලනු ලබන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම, නේපාල අග‍්‍රාමාත්‍ය කේ. පී ශර්මා ඔලී මහතා විසින් අද (17) වැනි දින ආරම්භ විය.


    සාර්ක් සමුළුවේ සහභාගීත්වය පාකිස්ථානය වෙත ලබාදීම සඳහා මෙම වසරේ නොවැම්බර් මස පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත 19 වන සාර්ක් සමුළුවට පෙර පවත්වනු ලබන අවසාන ඉහළ පෙළේ රැස්වීම වන්නේ මෙම සැසියයි.

    මෙම අමාත්‍ය මට්ටමේ රැස්වීම අතරතුරදී තරුණයන් වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම සඳහා සාමාජික රාජ්‍යයන් වෙත කලාපීය රාමුවක් හා වේදිකාවක් සැපයෙන ආකාරයේ සාර්ක් තරුණ ප‍්‍රඥප්තියට අත්සන් තැබීමට විදේශ අමාත්‍යවරු අපේක්ෂා කරති. සංවර්ධන ව්‍යාපෘති වලට අරමුදල් ලබා ගැනීමට අයදුම් කිරීම සඳහා සාමාජික රාජ්‍යයන් විසින් අනුගමනය කළ යුතු ක‍්‍රියාවලිය සරල කිරීම පිණිස සාර්ක් සංවර්ධන අරමුදලේ ප‍්‍රඥප්තිය සංශෝධනය කිරීමටද විදේශ අමාත්‍යවරුන් විසින් මෙහිදී කටයුතු කරනු ඇත.
     
    මෙම සභා රැස්වීමට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නේපාලයේ අග‍්‍රාමාත්‍යවරයා සහ වෙනත් සාර්ක් රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශ්වික රැස්වීම්ද පැවැත්වීමට කටයුතු කරනු ඇත.

    2015 අපේ‍්‍රල් මාසයේ හටගත් භූ  කම්පනයෙන් දැඩි ලෙස හානී වූ කත්මණ්ඩු නුවර පිහිටි ආනන්ද කුටි බෞද්ධ විහාරය හා රාටෝ මචින්ද්‍රනාත් හින්දු දේවස්ථානය පිළිසකර කිරීමේ කටයුතු ශ‍්‍රී ලංකාව විසින් සිදු කරනු ලබන අතර විදේශ කටයුතු අමාත්‍යතුමාගේ නේපාල සංචාරය අතරතුරේදී එම ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව නිරීක්ෂණය කිරීමටද ඒ මහතා අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya