අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    12 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4 වැනි සැසිවාරය අද නිමා වේ

    මාර්තු 16, 2016
    අසල්වැසි රටවල් අතර සුහදතාව රඳා පවතින්නේ කලාපීය රටවල්වල පොදු උත්සාහය මත බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා පවසයි.
    ඒ මහතා එසේ පැවසුවේ අද බෙයිජිංහි පැවති දෙස් විදෙස් මාධ්‍ය හමුව අමතමිනි. 
     
    12 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද (16) නිමාවට පත් විය. සැසිවාරයේ සමාප්ති රැස්වීම අද  බෙයිජිංහිදී පැවැත්විණ. ස්ථාවර පරිසරය සහ අසල්වැසි රටවල් සමග මිත්‍රශීලි සම්බඳතා පවත්වා ගෙන යාම හැම විටම චීනයේ ස්ථාවරයය. අසල්වැසි රටවල් අතර ගැටළු සම්පූර්ණයෙන් වැළැක් විය නොහැකිය. එහෙත් එකිනෙක රටට අවංක ලෙස සලකමින් රාජ්‍යතාන්ත්‍රික සහ සාමකාමී මාර්ගවලින් ප්‍රශ්නවලට මුහුණ දුනහොත් කලාපීය සුරක්ෂිතතාව සුරැකිය හැකි බව ද ලී ක ච්‍යාං මහතා සඳහන් කළේ ය. චීනය සාමකාමී සංවර්ධන මාර්ගය ඔස්සේ ගමන් කරන අතර, ජාතික ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමෙහි ද තරයේම නියැළී සිටියි. එය පරස්පර විරෝධයක් නොවන බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.
     
    චීනය හා ඇමෙරිකාව අතර පොදු අයිතිවාසිකම අඛණ්ඩව පුළුල් වෙමින් පවතින බවත් එය ප්‍රතිවිරුද්ධතාවට වඩා වැඩි බවත් චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා දෙස් විදෙස් මාධ්‍ය හමුවේදී පැවසීය.
     
    සමානත්වය සහ අන්‍යොන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය පදනම් කොට ගෙන චීන-ඇමෙරිකා සබඳතාව විධිමත් ලෙස වර්ධනය වීම චීනය අපේකෂා කරන බව ලී ක ච්‍යාං මහතා එහිදී කියා සිටියේ ය. එමෙන් ම ඇමරිකාවේ ආයෝජනය චීන වෙළඳ පොළට ප්‍රවේශ වීම සදහා ප්‍රමිති පියවරෙන් පියවර ලිහිල් කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව හෙතෙම පෙන්වා දුන්නේ ය. එහෙත් එය කළ යුත්තේ සාධාරණ පදනම මත බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
     
    ඇමෙරිකාව සමානත්වය හා පොදු ජයග්‍රහණය යන මුලධර්මය මත චීන-ඇමෙරිකා ආයෝජන ගිවිසුම් සාකච්ජාව ඉදිරියට ගෙන යෑමට චීනය බලාපොරොත්තු වන බව ද ලී ක ච්‍යාං මහතා එහිදී කීවේ ය.
     
    ලෝක ආර්ථික පුනරුත්ථාපනය දුර්වල බවත් චීන ආර්ථිකය ලෝක ආර්ථිකයේ බලපෑමට ලක් වී ඇතැයි ලී ක ච්‍යාං මහතා පැවසීය. පසුගිය වසරේ චීනයේ නගර හා කෝරළ ප්‍රදේශවල නිර්මාණය කරනු ලැබූ රැකියා සංඛ්‍යාව කෝටි 1.3 ඉක්මවා ගොස් ඇත. ඒ මෙන්ම මෙම වසරේ මුල් මාස දෙක ‍තුළ චීනයේ සේවා කර්මාන්තය සියයට 8.1කින් වර්ධනය වී තිබේ. පර්යේෂණය යනාදී අධි තාක්ෂණ කර්මාන්ත එම වර්ධනයට ඇතුළත් විය. එය චීන ආර්ථික සාම්ප්‍රදායික දියුණු ශක්තියේ ප්‍රතිසංස්කරණය මෙහෙයවීමක් බව ද ලී ක ච්‍යාං මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
     
    චීන ආර්ථිකය දිගුකාලීනව යහපත් ප්‍රවණතා වෙත සංවර්ධනය වීමට කෙරෙහි විශ්වාස පවතින බව ලී ක ච්‍යාං මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය. ප්‍රතිසංස්කරණය හා විවෘත භාවයෙහි නියැළී සිටියහොත්  චීන ආර්ථිකය බරපතළ ලෙස පහත හෙළීමක් සිදු විය නොහැකි බව විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.
     
    ප්‍රතිසංස්කරණය මෙහෙයවා වෙළෙඳ පොළේ ශක්තිය සහ ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව පෙළඹීම මගින් චීන ආර්ථික වර්ධන වේගය පහත වැටීමේ පීඩනයට යහපත් ලෙස මුහුණ දිය හැකියැයි ද ලී ක ච්‍යාං මහතා සඳහන් කළේ ය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya