අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා ඕසනියා පැරාලිම්පික් චැම්පියන්ෂිප් 2016 තරඟයට ශ්‍රි ලංකාවෙන් නවදෙනෙක්

    මාර්තු 06, 2016

    ආසියා ඕසනියා පැරාලිම්පික් චැම්පියන්ෂිප්  2016 තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ක්‍රීඩක, ක්‍රීඩිකාවන් නවදෙනෙකු සහභාගී වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    ආසියානු ඕසනියා පැරාලිම්පික් චැම්පියන්ෂිප් තරගාවලිය 2016 මාර්තු 12 සිට 16 දින දක්වා ඩුබායිහිදී පැවැත්වේ.

     

    මෙවර තරගාවලියෙන් ජාත්‍යන්තර  පැරාලිම්පික් කමිටුව අනුමත 2016 රියෝ පැරාලිම්පික් සදහා  අවසාන සුදුසුකම් සදහා තෝරා ගැනීම සිදුවේ.

     

    ඔස්ට්‍රේලියානු හා ආසියානු මහද්වීපයන්හි රටවල් 70 ක් පමණ මෙම තරගාවලිය සදහා සහභාගී වේ. පැරාලිම්පික් ලෝක ශූරාතාවලියට පසුව පවත්වන ප්‍රධානතම තරගාවලිය මෙය වේ.

     

    මෙවර ආසියා ඕසනියා පැරාලිම්පික් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිළධාරීන් පිරිස   ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා හමුවිය. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  09 දෙනෙක්  සහභාගී වේ.

     

     

    a para 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya