මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැම්බෝ හා ජුජිට්සු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අන්තර්ජාතික තරග බිමට

    පෙබරවාරි 26, 2016

    ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලින් ශ්‍රී ලංකාවට පදක්කම් ලබා ගැනීමේ අරමුණින් අන්තර් ජාතිකව රටවල් 111 ක්‍රීඩා කරන ජුජිට්සු (JU-JITSU) හා රටවල් 89 ක් ක්‍රීඩා කරන සැම්බෝ (SAMBO) යන ක්‍රීඩාවන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.


    මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (05) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති අතර එය මෙම සංගමයේ ආසියානු කලාපීය සභාපති ෂුරේෂ් ගෝපි (Mr.Suresh Gopi) මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ජුජිට්සු හා සැම්බෝ සංගම් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    එහිදී ආසියානු කලාපීය සභාපති සුරේෂ් ගෝපි මහතා ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාතික මට්ටමින් ජනප්‍රිය මෙම ක්‍රීඩාවන් ලංකාව පුරා පාසල් හා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කර දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔලිම්පික් තරග දක්වා ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පුහුණුව හා සහයෝගය ලබා දෙන බවයි.

    ඒ සඳහා නිල ඇදුම් හා තාක්ෂණික උපකරණ ආසියානු සංගමයෙන් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා දීමට වැඩ කටයුතු සිදු කරන බව ප්‍රකාශ කළ අතර  ශ්‍රී ලංකාවේ ලබන මැයි මස පැවැත්වෙන  ආසියානු තරගාවලියට ඔවුන්ගේ උපරිම දායකත්වය සපයා තරගාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව පොරොන්දු විය.

    එහිදී ශ්‍රී ලංකා ජුජිට්සු (JU-JITSU), කරන සැම්බෝ (SAMBO), සූමෝ (Sumo) යන ක්‍රීඩා තුනේම වත්මන් සභාපති කිත්සිරි ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපරිම සහයෝගය සහිතව ශ්‍රී ලංකාවේ මැයි මස පැවැත්වීමට නියමිත ආසියානු ජුජිට්සු (JU-JITSU) වෙරළ තරගාවලිය සදහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.

    ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරවීම ආරම්භ කර ඇති බවත්  ශ්‍රී ලංකාව තුළ මේ සඳහා උනන්දුවක් දක්වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා සංගම් වෙත සුහදව ආරාධනා කරන බවයි. දුරකතන අංක 077-9052630 ඔස්සේ තමන්ව සම්බන්ධ කරගෙන වැඩි විස්තර ලබා ගත හැකි බව ප්‍රකාශ කර සිටියේය.


    මීට අමතරව මෙම අන්තර්ජාතික ක්‍රීඩා උළෙල ශ්‍රී මීගමුව බ්‍රවුන්ස් බීච් සුන්දර වෙරළ තීරයේදී ලබන මැයි මස 11 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.මෙම තරගාවලිය නැරබීමට හා සහභාගී වීමට රටවල් 25 කට අධික ප්‍රමාණයකට ආරාධනා කර ඇති බැවින් විදේශීය ක්‍රීඩා ලෝලින් රැසක් ශ්‍රී ලංකාව කරා පැමිණීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya