අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු ඇමැති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

    පෙබරවාරි 25, 2016

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන් සඳහා එක්සත් ජනපදයේ තානාපතිනි, කැබිනට් මණ්ඩල සාමාජිකා සැමන්තා පවර් මහත්මිය ඊයේ (24) දින නිව් යෝර්ක්හිදී හමුවිය.

    එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට ශ්‍රී ලංකාව සහභාගී වීමට ඇති ඉඩ ප්‍රස්තා වැඩි කර ගත හැකි ආකාර පිළිබඳව දෙදෙනා අතර පුළුල් සාකච්ඡාවට ලක් විය.

    තානාපතිනි පවර් මහත්මිය හමුවීමෙන් අනතුරුව අමාත්‍ය සමරවීර මහතා එක්සත් ජාතීන් සඳහා ස්වීඩනයේ නිත්‍ය නියෝජිතවරයා විසින් පවත්වන ලද සංවාදයකට එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ කොමිෂන් සභාවේ සාමාජිකයින් සමඟ සහභාගී විය.

    ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් අවධියේ සිදුවන පරිවර්තනය සහ සාමයේ ප්‍රතිලාභ අත්කර ගැනීමේ ආකාර ඇතුලත් සාමය ගොඩ නැගීමේ ප්‍රයත්නවලට සහය විය හැකි ආකාරය පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානයට යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya