අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු ඇමැති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි අතර හමුවක්

    පෙබරවාරි 24, 2016

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි හෙලන් ක්ලාක් මහත්මිය අතර හමුවක් ඊයේ (23) දින පැවැත්විණි.

    එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන්  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

    අද (24) දින ඒ මහතා මෙම වැඩසටහනේ 50 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන අමාත්‍ය හමුවකට සහභාගී වීමට නියමිතය.


    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ සිය වැඩ කටයුතු ආරම්භ කළේ එම වැඩසටහන  ආරම්භ කිරීමෙන් වසරකට පසුව යෙදුනු 1967 වසරේදීය. ඒ මහවැලි සංවර්ධන සැලසුම වෙනුවෙන් වැදගත් කාර්යයභාරය ඉටු කිරීම සඳහාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya