අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක්- නායක ජනිත සුරත් පවසයි

    පෙබරවාරි 20, 2016
    වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ජනිත සුරත් පවසයි. නායකයකු ලෙස ස්වකීය දක්ෂතා ප්‍රගුණ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයෙන් ලැබුණු පන්නරය ඉමහත් බවද ඔහු කියා සිටී.
    “අපේ වරාය කණ්ඩායම මේ දක්වා පැවති ජාතික වොලිබෝල් තරඟාවලි මාලාවේදී පිට පිට තුන්වරක් ශූරතාවය දිනා ගත්තා. එයින් ලැබුණු පන්නරය සාග් තරගාවලියේදී නායකයකු ලෙස ඉදිරියට යන්නට මට ලොකු පිටිවහලක් වුණා. වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වගේම වරාය සභාපති ධම්මික රණතුංග  මහතාත් අපි ගැන නිරන්තරයෙන්ම සොයා බලනවා. අපගේ වෘත්තීය ගරුත්වය වගේම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නත් දැන් විශාල ශක්තියක් වරාය අධිකාරියෙන් ලැබෙනවා. ඒ වගේම පසුගිය දා වරාය අමාත්‍යාංශයේ තිබුණා ක්‍රීඩා කුසලතා ඇගයීමේ උත්සවයක්. මගේ මේ ජීවිතයේ පළමුවැනි වතාවට තමයි එවැනි ඇගයීම් උත්සවයකට මම සහභාගි වුණේ. ” යි ජනිත් සුරත් පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියත් වොලිබෝල් ක්‍රීඩාවත් අතර ඇති සබඳියාවද සිහිපත් කරමිනි.
     
    “පිරිමි වොලිබෝල් ක්‍රීඩාවෙන් අපි සාග් රිදී පදක්කම ලබා ගත්තේ මීට අවුරුදු 10කට කලින්. අපි මෙවර තරගාවලියට ගියෙත් කොහොම හරි මෙවර එම පදක්කම නැවත දිනා ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිව. අපි සාග් යන්න ජාතික කණ්ඩායම ලෙස පුහුණු වුණේ මාස තුනක් වගේ කාලයක්. නමුත් ඊට වඩා හොඳින් පුහුණු වුණානම් මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න තිබුණා. ඒ නිසා ආසියාතික තරගාවලියට දැන්ම ඉදලා පුහුණුවීම් ආරම්භ කළොත් හොදයි කියලා මම හිතනවා....” යැයිද ජනිත් සුරත් පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya