අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා සතිය විශේෂ වැඩසටහන අද සිට

    ජනවාරි 25, 2016

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව යෝජනා කළ ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් විශේෂ සතියක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජනවාරි 25 අද දින සිට 30 දින දක්වා නම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.



    මෙම විශේෂ ජාතික සතිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය හා එය යටතේ පරිපාලනය වන ආයතනයන් මඟින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

     

    ශ්‍රී ලංකා උත්තේජන මර්ධන නියෝජ්‍යායතනය මඟින්ද තහනම් උත්තේජක, තහනම් ක්‍රම හා පෝෂණය පිළිබද සමස්ථ ප්‍රජාවම දැනුවත් කිරීමේ කටයුතු සූදානම් කර ඇත.



    සියළුම විධ්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මේ සදහා සහභාගී කරකරගෙන වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා සියළුම පාර්ශවයන් දැනුවත් භාවයක් ලබාදීම මෙහි අරමුණ වන අතර එය ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය වෙනුවෙන් මහත් අර්ථයක්ද වනු අති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

     

    මෙම වැඩසටහනට සමගාමීව රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය සමරමින් පා ගමනක් අද 25 දින පෙ.ව 7.30 නිදහස් චතුරස්‍රයේ දී ආරම්භ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya