අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන සතියක්

    ජනවාරි 24, 2016

    ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ සතිය ජනවාරි 25 දින සිට ඇරඹේ.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව යෝජනා කළ ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් විශේෂ සතියක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජනවාරි 25 දින සිට 30 දින දක්වා නම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.



    මෙම විශේෂ ජාතික සතිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය හා එය යටතේ පරිපාලනය වන ආයතනයන් මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකා උත්තේජන මර්ධන නියෝජ්‍යායතනය මගින්ද තහනම් උත්තේජක, තහනම් ක්‍රම හා පෝෂණය පිළිබද සමස්ත ප්‍රජාවම දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද ක්‍රීඩා අමාත්‍යාංශය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya