අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් කෑගල්ලේ වැඩසටහන් රැසක්

    ජනවාරි 24, 2016
    ජනවාරි මස 25 - 30 දක්වා පැවැත්වෙන ක්‍රීඩා හා ශාරීරික ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලික කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි. 
    ඒ අනුව ජනවාරි 25 දින නිරෝගී රාජ්‍ය සේවයක් තුළින් කාර්යක්ෂම ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීම සහ ශාරීරික සුවතා ව්‍යායාම පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අතර ජනවාරි 26 දින ආරක්ෂක සේවාවල සහ පෞද්ගලික ව්‍යවසායකයන් සඳහා ශාරීරික සුවතා ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිතව ඇත.
     
    27 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ වෛද්‍ය සායනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂාව, රුධිරයේ සීනී පරීක්ෂාව, අධි රුධිර පීඩනය පරීක්ෂාව ආදී වෛද්‍ය පරීක්ෂණ රැසක් සිදු කෙරෙනු ඇත.
     
    28 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශ අතරේ වොලිබොල් තරගයක් රඹුක්කන බතමුරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya