අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කගාමි බිරාකි” සංස්කෘතික උත්සවය 23 දා

    ජනවාරි 21, 2016

    ශ්‍රී ලංකා සුමෝ සංගමය හා කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන කගාමි බිරාකි සංස්කෘතික උත්සවය 23 වන දින පෙ.ව.10.30 ට කොළඹ බ්‍රිස්ටල් වීදියේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වේ.



    ජපන් තානාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ජපන් තානාධිපතිතුමාගේ නියෝජිත මියාටා කෙන්ජි මහතා ප්‍රමුඛ ජපන් දූත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සංස්කෘතික උත්සවය පැවැත්වේ.



    විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට සුමෝ,ජූඩෝ,ජුජිට්සු යන ජපන් ක්‍රීඩා තුනම එකම ස්ථානයකදී ආරම්භ කිරීම මෙහිදී සිදුවේ.

     

    මෙම උත්සවය ජපානයේ 15 වෙනි ශතවර්ෂයේ සිට පැවත එන ජපන් ජාතික සංස්කෘතික උළෙලකි. මෑත යුගයේ 1884 මෙම උත්සවය ජූඩෝ ක්‍රීඩාවේ ආරම්භකයා වන ආචාර්ය ජිගෝරෝ කානෝ මහතා විසින් මෙම උත්සවය හදුන්වා දෙන ලදි.

     

    ජපානය සහ ලෝකයේ බොහෝ රටවල් මෙම උත්සවය ඉතා උත්සර්ශවත් අන්දමින් පවත්වන අතර මෙය වසරක මුල් මාසයේ මුල් දිනවල පවත්වනු ලැබීම සම්ප්‍රදායකි. ඉහත ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන් හට නව වසරේ අලුත් ජවයකින් ක්‍රීඩා ආරම්භ කිරීමට සෙත් පැතීම මෙහි අරමුණ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya