අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රිඩා උළෙල ලබන පෙබරවාරී 5 දා සිට

    දෙසැම්බර් 29, 2015

    ඉන්දියාවේ ගුහාති සහ ශිලෝන් ප්‍රදේශවල ලබන වසරේ පෙබරවාරි 05 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිත 12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අද (29) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    එම ක්‍රීඩා උළෙලට දකුණු ආසියාතික රටවල් 08ක් සහභාගී වෙන අතර ක්‍රීඩා 23ක් සහ ඉසව් 228කින් සමන්විත වේ. එහි සමාරම්භක උත්සවය ලබන වසරේ පෙබරවාරී 05 වන දින ගුහාතිහි පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya