අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර භාරදෙයි

    දෙසැම්බර් 22, 2015

    ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පසුගියදා චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එරට ජනාධිපති ෂී ජින්පින්ග් මහතා වෙත සිය අක්තපත්‍ර භාරදෙනු ලැබීය.

    Great Hall වෙත පැමිණි ආචාර්ය කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලාංකික දූත පිරිස පිළිගනු ලැබූ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිතුදම සිහිපත් කරමින් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා රජය විසින් දක්වන ලද ආගන්තුක සත්කාර පිළිබඳ සිය ප්‍රශංසාව පිරිනමන ලදී.

     

    අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යවරයාගේ හා ජනතාවගේ සුභ පැතුම් ජනාධිපති ෂී ජින්පින්ග් මහතා වෙත පිරිනමන ලදී. 1975 දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත්, ප්‍රථම සහල් - රබර් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ දක්වා චීනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා සම්ප්‍රදායික සබඳතාවන් පිළිබඳව ද කොඩිතුවක්කු මහතා මෙහිදී සිහිපත් කරනු ලැබීය.

     

    නව තානාපතිවරයාගේ කාලය තුළ දෙරට අතර පවත්නා යහපත් සබඳතා තවදුරටත් වර්ධනය කරනු පිණිස වටිනා දායකත්වයක් ලබාදීමට ඔහුට හැකිවනු ඇති බවට තමා විශ්වාස පළ කරනු ලබන බව චීන ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

     

    මෙම අවස්ථාවේ දී උතුරු මැද පළාත සඳහා වකුගඩු රෝහලක් ලබා දීම වෙනුවෙන් චීන රජයට සිය කෘතඥතාව පළ කළ කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා චීන ආයෝජකයින් දිරිගන්වන ලෙස හා ශ්‍රී ලාංකික සිසුන් හට චීනයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව චීන රජයේ අවධානය යොමු කරන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya