අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ නාය යෑමකින් 91ක් තවමත් අතරුදහන්

    දෙසැම්බර් 21, 2015

    චීනයේ ෂෙන්සෙන් පළාතේ සිදු වූ නාය යෑමකින් තවමත් පුද්ගලයන් 91ක් අතුරුදහන් බවත් සියයකට අධික සහන සේවකයින් ඔවුන් සොයමින් සිටින බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    කර්මාන්ත පුරයක සිදු වූ මෙම නාය යෑමෙන් ගොඩනැඟිලි 33ක්  බරපතල හානි සිදු වී ඇත.

     

    ඊයේ (20) සිදු වූ නාය යෑමෙන් පසුව එම කර්මාන්ත පුරයේ සිටි 900කට අධික පිරිසක් ඉවත් කිරීමට චීන බලධාරීහු කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

     

    මෙම නගරය චීනයේ විශාලතම හා ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානයක් වේ. මෙම නාය යෑමෙන් වර්ග අඩි 455,000ක පමණ ප්‍රදේශයක් විපතට පත්ව ඇති අතර එහි මීටර් 10ක් පමණ උසට මඩ පිරී ඇතැයි චීන මාධ්‍ය සඳහන් කරයි.

     

    මෙම නායයෑම් එම ප්‍රදේශයේ පිහිටි පෙට්‍රල් ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් නිසා සිදු වූ බව ඇතැම් බලධාරීහු සැක පළ කරති.

     

    තව ද පසුගිය වසර කිහිපය තුළ මෙම ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් ඉදිකිරීම් කටයුතු සිදු වී තිබෙන බවත් එහි දී කොන්ක්‍රීට් කණු දැමීම සඳහා අනිසි ලෙස පොළොව තැනින් තැන හැරීම මෙම නායයෑමට හේතු වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කර ඇති බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    රාජ්‍ය මාධ්‍ය නිලධාරීන් පවසන පරිදි පිරිමි 59ක් සහ කාන්තාවන් 32දෙනෙකු අතුරුදන් වී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

     

    අතුරුදහන්වූවන් සොයා විමර්ශන දියත් කිරීමට ජනාධිපති ෂී ජින්පින්ග් මහතා විසින් පළාත් පාලන ආයතන වෙත නියෝග කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

     

     87314433 030650233 1

     

     87314435 030648932 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya