ගාල්ල “පළාත් පාලන ආයතන ක්‍රීඩා උළෙල- 2015“ මේ මස 12 වැනි දින දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ගුරු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන එකමුතුවෙන් ගාල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය විසින් මෙය සංවිධානය කර ඇත. ක්‍රීඩාව තුළින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතර සුහදත්වය හා එකමුතු බව වර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. AP/DMU-Galle